ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වෙයි
ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනුණි. කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකු, කහතුඩුව ප්‍රදේශයෙන් සහ තවත් අයෙකු පැල්මඬුල්ලෙන් සොයා ගැනුණි. 9 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් ය. අනෙක් ආසාදිතයින් කටාර්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ය. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2724 කි.








