ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපාංක 6.9 ක භූ චලනයක්
ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපාංක 6.9 ක භූ චලනයක් සිදු වී ඇති බව ජාතික සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්තානය පවසනවා . මෙම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි බලපෑමක් ඇති නොවන බව එම මධ්‍යස්ථානය කළ නිවේදනයේ සඳහන් .









