kimjon

ඇමරිකාවට වෛරසයක් වූ කිම් ජොංග්ගේ අවසානය මෙයද

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලුවකට ලක්ව තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුවයි. උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින බව පැවසෙනවා.  

යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් මෙරට විශාලා මහනුවරක්

යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් මෙරට විශාලා මහනුවරක්

කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් හදුනාගැනීමේ…

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිල්ලර වෙළෙඳාම නවතී

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිල්ලර වෙළෙඳාම නවතී

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන්. පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීමේ අරමුණින් මාළු…

ඇමෙරිකාවේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි

ඇමෙරිකාවේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 40,661ක් දක්වා ඉහළ ගියේය. එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 759,086ක් විය.

ඉන්දියාව කොරෝනා වැඩිම රටවල් 20 අතරට

ඉන්දියාව කොරෝනා වැඩිම රටවල් 20 අතරට

වැඩිම කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සිටින රටවල් 20 අතරට අසල්වැසි ඉන්දියාව පැමිණ තිබෙනවා. ඇමරිකාව,ස්පාඤ්ඤය,ඉතාලිය,ප්‍රංශය,ජර්මනිය,පිළිවෙලින් කොවිඩ් 19 වැළඳුනු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් වනවා. ලෝක දත්ත වාර්තා අනුව ඉන්දියාව එහි 17 වන ස්ථානයේ පසුවන්නේ රෝගීන් 17,615 ක් වාර්තා වීමත් සමගයි.

පාස්ක ප්‍රහාරයට වසරක්

පාස්ක ප්‍රහාරයට වසරක්

පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවමින් පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වී අදට වසරක් සපිරෙනවා. ඒ අනුව අද සියලුම කතෝලික පල්ලිවල මෙන්ම සියලු ආගමික සිද්ධස්ථානවල ඉටිපහනක් හෝ පෙල්තෙල් පහනක් දල්වා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කර යාඥා කරමින් පින් අනුමෝදන් කිරීම සුදුසු බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ. මෙම…

කොරෝනා මැඬලීමෙන් පසු ජනපති රට හදන හැටි

කොරෝනා මැඬලීමෙන් පසු ජනපති රට හදන හැටි

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. දිස්ත්‍රික් ලේකම්වරු සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා….

මහ මැතිවරණය ජුනි 20

මහ මැතිවරණය ජුනි 20

කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි. මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුනත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා.

breakingnews

මත්පැන් අලෙවිසැල් වසා තැබීමට නියම කෙරේ

දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කරයි.

රන්ජන් රාමනායක ඇපමත මුදා හැරේ

රන්ජන් රාමනායක ඇපමත මුදා හැරේ

රක්‍ෂිත බන්ධනාගාරගත සිටි හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. පොලිස් රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේයි රන්ජන් රාමනායක මහතා පසුගිය 13 වනදා අත්අඩංගුවට ගැනුණේ.