ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා

යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට  වාර්තා වෙයි. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සදහන් කරන්නේ. මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර…

ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට දැනුම්දෙන්න

ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට දැනුම්දෙන්න

ශ්‍රී ලංකාවට පැමිණ සිය රටවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන්ට ගුවන් තොටුපොළට යාමේදී ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකිව සිටින්නේ නම් ළඟම පොලිස්ථානයට  දැනුම් දෙන ලෙස ලංකා සංචාරක මණ්ඩලය දන්වයි.

විදේශ රැකියා තොරතුරු සදහා 1989 අංකය අමතන්න

විදේශ රැකියා තොරතුරු සදහා 1989 අංකය අමතන්න

ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක් හදුන්වා දී ඇත. 1989 ක්ෂණික අංකය ඇමතීමෙන්…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනයේ අඛණ්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් නෑ

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කරයි. ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බවයි චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි. ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. ආසාදිතයින් 70 දෙනාගෙන් බහුතරය…

කොටුව දුම්රිය ස්ථානය විෂබීජ හරණයට

කොටුව දුම්රිය ස්ථානය විෂබීජ හරණයට

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක්  කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  පවැත්වීමට කටයුතු කරන ලදි. මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ…

ශ්‍රිපාද වන්දනාව නතර කරයි

ශ්‍රිපාද වන්දනාව නතර කරයි

ලංකාව තුල පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට හැටන් හරහා පැමිනෙන සියලු වන්දනාකරුවන් දැනුවත් කර නැවත හරවා යැවිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි චුලනි වීරරත්න මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන වීරරත්න මහතා පවසන ලද්දේ මේ වන විට ලංකාව තුල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන…

ජෝර්දානයට ඇඳිරිනීතිය

ජෝර්දානයට ඇඳිරිනීතිය

ජෝර්දානයේ අබ්දුල්ලා රජු හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර හමුදා ඇඳිරි නීතිය පැනවීමට ද පියවර ගෙන ඇත. ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමේ අරමුණින් විශේෂ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගන්නා බව ජෝර්දාන රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අදෙයිලා විදෙස් පුවත් සේවා වලට පවසා ඇත.

death

කොරෝනා මරණ 11,300යි

කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,300 කි. ගත වූ පැය 24 තුල ඉතාලියේ මරණ 627 ක්ද  ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 කි. කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූවද ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් වී තිබේ. ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72 ක් ලෙස වාර්තා වේ.

තොරතුරු සැගවූ කොරෝනා රෝගියෙක් නිසා රාගම රෝහලම දැඩි අවධානමක

තොරතුරු සැගවූ කොරෝනා රෝගියෙක් නිසා රාගම රෝහලම දැඩි අවධානමක

පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය  ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ජා-ඇල ප්‍රදේශයේ පදින්චිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට…