corona

දකුණු ආසියාවේ වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන්

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරයි. දකුණු ආසියානු කලාපයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්දියවෙන්ය.  

dammikaperera

ධම්මික ගෙන් කොරෝනා වැළැක්වීමට කෝටි 7 ක්

ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති බව සඳහන්.

elec dailyreporter

විදුලි බිල් ගෙවීම සදහා සහන කාලයක්

ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.

අවිගන් කොරෝනා සුව කරයි
|

අවිගන් කොරෝනා සුව කරයි

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉතාලියේ කොරෝනා මරණ 4825 ක්

ඉතාලියේ කොරෝනා මරණ 4825 ක්

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4825 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුල පමණක් ඉතාලියේ කොරෝනා මරණ 793 ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි

කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 304,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දෙයි. නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ. දැනට තත්ත්වය වඩාත් දරුණු ස්වභාවයක් ගන්නා ඉතාලියේ සෙනසුරාදා මුළු ආසාදිතයන් සංඛ්‍යාව 47,021 සිට 53,578 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.9%ක වැඩිවීමකි. මරණ සංඛ්‍යාව 4,825ක් වන අතර…

මොනාකෝ ෆෝමියුලා වන් ප්‍රථම වරට කල් දමයි

මොනාකෝ ෆෝමියුලා වන් ප්‍රථම වරට කල් දමයි

මොනාකෝ ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ කල් දැමීමට එම තරග සංවිධානයකින් තීරණය කර  තිබෙනවා . මැයි මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරගාවලිය 1954 වසරින් පසුව මෙලෙස මොනාකෝ ග්‍රෑන්ඩ් ෆික්ස් මෝටර් රථ තරගාවලියක් කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.  

air

තවත් වන්දනාකරුවන් පිරිසක් දිවයිනට

දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි. මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ 05 ක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය සහ ගමන් මලු රැගෙන යෑම සදහා…

ජැක් මා ගෙන් ලංකාවට පරිත්‍යාග

ජැක් මා ගෙන් ලංකාවට පරිත්‍යාග

චීනයේ ධනවත්ම මිනිසා වන අලි බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට මුහුණු ආවරණ මිලියන 1.8 ක් සහ කොරොන වයිරස් පරීක්ෂණ කට්ටල 210,000 ක් ලබා දීමට කටයුතු යොදා ඇත. ජැක් මා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත් එය සිදුකරන බව…

කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත  නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ. සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන…