breakingnews

ඇඳිරි නීතිය පැනවීම යලි පස්වරු 2ට

කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ  පස්වරු 2ට ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.  

නිරෝධායනය නිමා කළ 313ක් අද නිවෙස්වලට

නිරෝධායනය නිමා කළ 313ක් අද නිවෙස්වලට

නිරෝධායන මධ්‍යස්ථානවලදී සාර්ථක ලෙස නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 313 දෙනෙකු අද ඔවුන්ගේ නිවෙස් කරා යොමු කිරීමට නියමිතව තිබෙනවා.   

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට නොපැමිණි මොවුන්ව සොයා ගැනීමට සහාය වන්න

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට නොපැමිණි මොවුන්ව සොයා ගැනීමට සහාය වන්න

ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකළ තැනැත්තන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටී. ඒ අනුව කුඩා දරුවන් හා වැඩිහිටියන් තිදෙනෙකුගේ ඡායාරූප අද පොලීසිය ප්‍රසිද්ධියට පත් කළේය. අප කුඩා දරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ අතර වැඩිහිටියන්ගේ ඡායාරූප අප ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේය මෙම පුද්ගලයින්ගේ තොරතුරු ඔබ දන්නේනම් 119, 071 59…

ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ලංකා බැංකු විවෘතව තබන්න

ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ලංකා බැංකු විවෘතව තබන්න

ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල සියළු බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ලේකම්වරයා බැංකු බළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ සදහා සීමිත කාර්යමණ්ඩලයක් යොදා ගත යුතු බවයි ලේකම්වරයා දැනුම් දී ඇත්තේ. මෙම කාර්යයට සහය වන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලීමක් ද කරනවා.

ඇදිරි නීතිය ප්‍රතිඵලදායකයි

ඇදිරි නීතිය ප්‍රතිඵලදායකයි

ඇඳිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගනු ලැබුවේ පසුගිය සිකුරාදා පස්වරු 06 ටයි.

aresst

ඇඳිරි නීතිය කඩකල 1589ක් අත්අඩංගුවට

ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගයේ නිකරුණේ ගැවසීම, මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

බැංකු ශාඛා පැය 2ක් විවෘත කරයි
|

බැංකු ශාඛා පැය 2ක් විවෘත කරයි

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර තිබේ. බැංකු සේවා ලබාදීමේදීත්, සේවා ලබාගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන්ම මහජනතාවට ද දැනුම්දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක…

Coronavirus3

වගකීම් විරහිත අපේ මිනිසුන්

කොවිඞ් 19 නොහොත් මාරාන්තික කොරෝනා වෛරසයට මෙරට ගොදුරු වීම නිසා මේ වන විට මුලු ලංකාව ඇත්තේ අවදානමකය. ජනතාවට මේ වෛරසයෙන් ගැලවී සිටින්නට රජය කෙතරම් සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නත් ඇතමුන් ඒවා කණකට ගන්නේ නැත. මෙවැනි වගකීම් විරහිත පුද්ගලයින් නිසාම රට පුරා මේ වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බව ඔවුන් සිතන්නේ නැත. ඔවුන් සිතන්නේ ඔවුන් ගැන පමණය….

එල් සැල්වදෝරයට මාසයක් ඇඳිරි නීතිය

එල් සැල්වදෝරයට මාසයක් ඇඳිරි නීතිය

කොවිඩ්-19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා වූ රජයේ හදිසි නියෝගයක් ලෙස එල් සැල්වදෝරය දින 30ක රට පුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කරයි. කෙසේ වෙතත් මෙම කොරෝනා පාලන ඇඳිරි නීතිය තුළ සෑම පවුලකින්ම එක් පුද්ගලයෙකුට පිටතට යාමට අවසර දෙන බැවින් ඔවුන්ට තම නිවැසියන්ට ආහාර සහ ඖෂධ සැපයිය හැකි බව හෙතෙම පවසා සිටියේය.  

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ඇදිරි නීතිය කැඩූ 338ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇදිරි නීතිය කාලය තුළ නිවාස තුළම රැදී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇදිරි නීති කාලසීමාව තුළ එය කඩනොවන අයුරින් කටයුතු කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.