GMOA – Government Medical Officers' Association

වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ

කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. පසුගිය 25 සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි. බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති…

බොලීවීයාවට හදිසි තත්ත්වයක්

බොලීවීයාවට හදිසි තත්ත්වයක්

කොරෝනා  වයිරසය පැතිරීම හේතුවෙන් බොලිවියාව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලු දේශසීමා වසා දමා තිබේ. දේශසීමා වසා දැමීම අප්‍රේල් 15 දක්වා ක්‍රියාත්මක අතර එම කාලය තුළ කිසිවකුට බොලිවියාවට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි වන බව එරට ජනාධිපති ජෙනින් ඇනෙස් පවසයි. බොලිවියාවේ වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 38කි.

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිඛෙන බව වාර්තා වනවා. එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද ඛෙදා හැරීමට කටයුතු…

SLT වෙතින් නොමිලේ ඩේටා

SLT වෙතින් නොමිලේ ඩේටා

Covid 19 වෛරසය සීඝ්‍රයෙන් රටතුළ පැතිරීම හේතුවෙන් උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රධාන අංගයක් වන මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රීයාවලියට ජාතික ඩිජිටල් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ද නොමද සහාය ලබාදීමට තීරණය කර තිබේ.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම පාරිභොගිකයින් වෙත මතු…

death

කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 21,000 ඉක්මවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 21,152 ඉක්මවා ගොස් ඇති බව  ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි. ලොවපුරා සිටින සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 451,355 යැයිද කොරෝනා වයිරසය ආසාදනය වූ 112,982 මේ වනවිට සුවය ලබා ඇතැයිද  එම විශ්වවිද්‍යාලය තවදුරටත් සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

දිස්ත්‍රික්ක 9 ක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ඉවතට

කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද(26) උදෑසන 6ට ඉවත් කෙරිණි. අද (26) උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි…

කොරෝනා මගින් පැතිරෙන මානව වාදයේ අවසන් බලාපොරොත්තුව

කොරෝනා මගින් පැතිරෙන මානව වාදයේ අවසන් බලාපොරොත්තුව

Contagion (2011) කියන්නේ  Sex, Lives and Videotape (1989), Traffic (2000) වැනිවිශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ශනය කළ Steven Soderberg ගේ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයෙන්පෙන්වන්නේ  චීනයේ Hong Kong හි මස් පිණිස ඌරන් ඇති කරන සත්ව ගොවිපොළකට වැටෙන වවුලන්ගේඅශූචි අනුභව කළ ඌරන් හරහා පැතිරෙන  මාරාන්තික වෛරසය (MEV -1) මිනිස් සිරුරටඇතුල් වීමෙන් ලොවපුරා ඇතිවන වසංගත තත්ත්වය පිළිබඳ ප්‍රබන්ධ කතාවයි. මෙම චිත්‍රපටයතුළින් මතුපිටින් පෙනෙන රෝගය…

ඇඳිරි නීතිය කාලය තුල අපයෝජන වැඩිවීමක්

ඇඳිරි නීතිය කාලය තුල අපයෝජන වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ දැනට පවතීන තත්වය තුල ඇඳිරිනීතිය පැනවීමට රජය කටයුතු කර තිබෙනවා. එවන් මොහොතක එනම් ඇදිරි නිතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩි දුරටත් සදහන් කරන්නේ මෙවැනි සිදුවීම් පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි 923…

ලංකා ධීවර සංස්ථාවටත් පොලිසිය අවසර දෙයි

ලංකා ධීවර සංස්ථාවටත් පොලිසිය අවසර දෙයි

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබෙනවා. අදාළ මත්ස්‍ය තොග සැපයුම් ස්ථාන කරා ප‍්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පවසයි. ලංකා ධීවර සංස්ථාවට මසුන් සපයන ධීවරයින් සහ සැපයුම් කරන ලොරි රථ සඳහා…

දාන මාන නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න

දාන මාන නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව දැනුම් දෙනවා. එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ…