SriLankan

ගුවන් මගීන්ට අද මැදියම් රැයේ සිට මෙරටට ඇතුළු වීම තහනම්

කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සති 2 ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.

parippu

ඊයේ (17)මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 43 දක්වා ඉහළට(Update)

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 43 දක්වා ඉහළට(Update)

තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගැනීමත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් වෙයි. මේ අතර රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 16කදී පුද්ගලයින් 2258 දෙනෙකු නිරෝධායනය කරන බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දුම්රිය ගමන්වාර 88ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 88ක් අවලංගුයි

අද(17) සිට ලබන 19 වැනිදා දක්වා දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙලෙස දුම්රිය ගමන් වාර අඩු කර ඇතා බව සදහන්.

ප්‍රංශ ජනතාවට නිවාසවලින් පිටවයාම තහනම්

ප්‍රංශ ජනතාවට නිවාසවලින් පිටවයාම තහනම්

මහජනයාට සිය නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදෙමින්, ප්‍රංශයේ සියලු පොදු ස්ථාන වසා දමා හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා පියවර ගෙන තිබේ. “මේ වයිරසය නිසා අපි ඉන්නේ යුද්ධයක” යැයි ද ඔහු සඳහන් කළේය. ජනපතිවරයා මේ බව පැවැසූවේ, ඊයේ සවස රූපවාහිනීයේ සජීවී ව ප්‍රකාශයක් ලබාදෙමිනි.

කොරෝනා වැලදී සැඟව සිටි කෝටිපතියා සොයා ගැනේ

කොරෝනා වැලදී සැඟව සිටි කෝටිපතියා සොයා ගැනේ

කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ. සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු…

amercia

කොරෝනා එන්නතේ පළමු මානව අත්හදා බැලීම අමෙරිකාව සිදුකරයි

නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බව ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඉදිරි සති හයක කාලය තුලදී තවත් පුද්ගලයින් 45 දෙනෙක් යොදා ගනිමින් මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලීම සිදු කෙරෙන බවයි එම බලධාරීන්…

world health organization latest news

ඔබට අන්ධව ගින්නක් සමග සටන් කළ නොහැක – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වය ලෝකය පුරාම මහත් අර්බුදයක් බවට පත්ව ඇති බැවින් වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත සියලුම පුද්ගලයින් පරීක්ෂණවලට යොමු වන සහ යොමු කරන ලෙසයි. රෝහලට පැමිණෙන පුද්ගලයින් පමණක් කොරෝනා පරික්ෂාවට ලක් කිරිමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණය…

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

මාර්තු 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ලියාපදිංචි වීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදී ඔවුන්ට ලියාපදිංචි වීමට හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.  

ජනපති අද රාත්‍රී 8 ට ජාතිය අමතයි

ජනපති අද රාත්‍රී 8 ට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8 ජාතිය ඇමතීමට සුදානම් ‍බව වාර්තා වෙනවා. ඒ රටේ පවතින තත්වය පිලිබදව ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටයි.