රජය විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි

රජය විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි

අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි. සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල…

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආයුර්වේද ක්‍රම

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආයුර්වේද ක්‍රම

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ඇති දේශීය ආයුර්වේද ඖෂධ සහ ආයුර්වේද ක්‍රම පිළිබදව දැනුම්වත් කිරීමක් නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී අද(17) පැවැත් විය. එහිදී ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ අනියත බියක් ඇති කර ගැනීම තුළින් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බැවින් ඒ තුළින් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි. මෙහිදී අදහස් දැක්වු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ…

law

අධිකරණ වසා දමන ලෙස නීතිඥ සංගමය ඉල්ලයි

මාර්තු 20 වැනි දා දක්වා අධිකරණ වසා දමන ලෙස නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබේ. ඔවුන් එම ඉල්ලීම කර තිබෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණිනි.

GMOA – Government Medical Officers' Association

රජ‌යේ නිවාඩුව දීර්ඝ කරන ලෙස GMOA ඉල්ලයි

රජ‌යේ නිවාඩුව සතියක කාලයක් දක්වා දීර්ඝ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනපතිගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණින්  අදාළ කාලය තුළ සියලුම ගුවන් තොටුපොළවල් සහ සියලු වරායන් වසා දමන ලෙස ඔවුන් ඉල්ලා ඇත.  

බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 මරණ ඉහළට

බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 මරණ ඉහළට

ඊයේ දිනයේදි පමණක් කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බවට වාර්තා වනවා. බ්‍රිතාන්‍යයේ වාර්තා වූ ඉහළම මරණ ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ. එරට මියගිය සමස්ත සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇත. ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 232 වාර්තා වී ඇති අතර ආසාදිත වූ සමස්ත සංඛ්‍යාව 1372 දක්වා ඉහළ ගොස්…

කොරෝනා සැගවූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා දඩුවමක්

කොරෝනා සැගවූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා දඩුවමක්

කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සගවා ගුවන් යානායකින් නිව්යෝර්ක් නුවර සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැන වූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

ත්‍රිරෝද රථ මගීන් සංඛ්‍යාව 02ක් වෙයි

ත්‍රිරෝද රථ මගීන් සංඛ්‍යාව 02ක් වෙයි

ත්‍රීරෝධ රථයකින් වරකට ප්‍රවාහණය කරන මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන්නැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය දැනුම් දෙයි.

amercia
|

අමෙරිකාවට ඇඳිරි නීතිය

අද සිට කලාප වශයෙන් රට තුල ඇඳිරි නීතිය පැණවීමට අමෙරිකාව තීරණය කරයි. එරට බලධාරීන් ප්‍රකාශ කළේ ප්‍රමාද වන සෑම දිනකම වැඩි පිරිසක් මිය යනු ඇති බවටයි.

ජැක් මා අමෙරිකාවටත් තෑගි යවයි
|

ජැක් මා අමෙරිකාවටත් තෑගි යවයි

ලොව ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන Alibaba ව්‍යාපාරයේ හිමිකරු ජැක් මා විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල සහ මුහුණු ආවරණ තොගයක් අමෙරිකාවට පරිත්‍යාග කර තිබෙනවා. වෛරසය පරික්ෂා කිරීමේ උපකරණ කට්ටල ලක්ෂ 05ක් සහ මුහුණු ආවරණ මිලියන ගණනක්  යවා ඇති බවයි වාර්තා වන්නේ.

සියලු කොටස් 5,000 න් පහළට

සියලු කොටස් 5,000 න් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ගනුදෙනු අවසානයේ දී ඒකක 144.82 කින් පහළ ගොස් ඒකක 4,874.73 ක් වශයෙන් වාර්තා විය. මෙය 2012 ජූලි 24 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ.