සජිත් කොළඹින් මහ මැතිවරණයට
පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් සමඟි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බව සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවක් අමතමින්.

පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් සමඟි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බව සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවක් අමතමින්.

සඳුදා (16) දින රජයේ, බැංකු, වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි. එලෙස නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත්තේ කොරෝනා මැඩලීම සඳහා රාජ්‍ය ආයතන සුදානම් කරවීමේ සහ රෝගය පාලනය කිරීමේ අරමුණිනි.

මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු සහ පෞද්ගලික ප්‍රසිද්ධ රැස්වීම් මෙන්ම උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකකට නතර කර ඇතැයි පොලීසීය පවසයි. ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි. ඒ පිළිබදව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරන්නැයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ. එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්…

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තියට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් අද (15) ආරම්භ වනවා. නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පැතිර යන ව්‍යාජ තොරතුරුවලින් ජනතාව නොමග යාම වළක්වාලීමත් ව්‍යසනය ජය ගැනීම සඳහා කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් මෙහි අපේක්ෂාවයි. ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම සංවිධාන කරනවා. මෙහි…

කොරෝනා ආසාදිත තවත් ලාංකික රෝගීන් දෙදෙනෙකු හඳුනා ගනියි. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10කි. 56 හැවිරිදි කාන්තාවකට සහ 17 හැවිරිදි ගැහැනු දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සදහන් වෙයි.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව බව පැවසීය. කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103…

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අවම කිරීම සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජනතාවගේ පූර්ණ සහාය අවශ්‍ය බවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වෛරසය පාලනය සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි. වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෑමවිටම සත්‍ය තොරතුරු ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය…

අද සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනේ සියලුම සිනමා ශාලා වසා දැමීමට පියවර ගෙන ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශය පවසයි. කොවිඞ් 19 වසංගතය රට තුළ පැතිර යාම පිළිබඳ අනියත බියක් ජනතාව තුළ ඇතිවීම හේතු කොට ගෙන වෙළඳ පොළ තුළ හදිසියේ ඇති වූ අනපේක්ෂිත තත්ත්වය මඟින් ඇතැම් වෙළඳුන් අයථා ලාභ ප්‍රයෝජන ලබාගෙන ඇති බවයි. පාරිභෝගික ඉල්ලුමට…

කොවිඩ්-19 වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මෙම හදිසි අවස්ථාව පිළිබඳ ඇමෙරිකාව දැනුවත් කළේය. ධවල මන්දිරයේ රෝස් ගාඞ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. කෝවිඞ් 19 වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි…