කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

කොරෝනා වසංගතය තුරන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාද පූජාවක්

“ කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කරමු! ” තේමා කරගනිමින් එම වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ලොව පුරා ජනතාවට හා විගමණික ශ්‍රමිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන මල් පහන් පූජාව හා සෙත් පිරිත් සඡ්ජායනය මුල් කරගත් ආශිර්වාද පූජාව ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි.  කෝට්ටේ රජමහා විහාරයේ දී 14…

දිවයිනේ ප්‍රදේශ රැසක පෙරුම්කායන් හිගයක්

දිවයිනේ ප්‍රදේශ රැසක පෙරුම්කායන් හිගයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල විෂබීජනාශකයක් වන පෙරුම්කායන් හිගයක් උද්ගතව තිබේ. ශ්‍රි ලංකාවෙන් පළමු කොවිඩ්19  ආසාදිත රෝගියා හමුවීමත් සමඟ රට තුල මෙම වෛරසය ව්‍යාප්ත වීමේ බිය නිසා බොහෝ පුද්ගලයින් පෙරුම්කායන් පැලදීමට පෙළේඹි ඇති නිසාවෙනි. අතිතයේ සිටම ශ්‍රී ලාංකික පුරවැසියන් කට වහරින් කියන “දෙයියන්ගේ ලෙඩ” කියා හදුන්වන වෛරස වැළදිමේන් ආරක්ෂාවීමට මෙම පෙරුම්කායන් ශරිරයේ…

වෙල්ගම සජිත් පිළට

වෙල්ගම සජිත් පිළට

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්ව තිබේ. කොළඹ දි ඒ පිළිබඳ උත්සවයක් පැවති අතර එහිදි අදහස් දැක්වු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තම සන්ධානයේ ඒකායන අරමුණ ජනතා ජයග්‍රහණ තහවුරු කිරීම බවයි.  

කොවිඩ් 19  ගැන දැනුම් දීමට විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක්

කොවිඩ් 19 ගැන දැනුම් දීමට විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක්

කොවිඩ් නයින්ටීන් ගැන නිල හා තහවුරු කළ ප්‍රවෘත්ති පමණක් පිළිගෙන ඒ අනුව කටයුතු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛය සේවා ප්‍රවර්ධන කාර්යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිළ නිවේදන හරහා මහජනතාව දැනුවත් කරන බවයි . යම් ස්ථානවල කොරොනා අසාධිත රෝගීන් සිටින බවට ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන…

air

දකුණු කොරියාව ඇතුළු රටවල් 3ක මඟින්ට මෙරටට ඇතුළුවීම තහනම් වෙයි

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව වළක්වයි. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක බවයි.

advanced level

පළමු වාර පාසල් නිවාඩුව අද (13) සිට

සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවක් පවත්වමිනි.මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය‍. “සෞඛ්‍ය…

america and sri lanka

අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක්

කෝවිඩ් 19  වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරයි. අමෙරිකාවේ ප‍්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර  වොෂින්ටන් නගරය දැනටමත්  පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා ඇත.

news sinhala sri lanka

පාසල් 20 වෙනිදා දක්වා වසා දැමීමට තීරණය අද සවසට

සියලු පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරිණය කර ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. කොවිඩ්-19 ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට තීරණය…

කොවිඩ් 19 ගැන බොරු ප්‍රචාර කලොත් වැඩවරදී

කොවිඩ් 19 ගැන බොරු ප්‍රචාර කලොත් වැඩවරදී

කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි. කොවිඩ් 19 ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට කොළඹ උණ…

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීමත් සමගයි. කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.