කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට යන්න

කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට යන්න

කොවිඩ්-19 වයිරසයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව සහ  කැරිබියන් දූපත්   ආරක්ෂාකාරී  රටවල් දෙකක් ලෙස සිය පුරවැසියන්ට එක්සත් රාජධානිය දැනුම්  දී  ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ සහ කැරිබියන් දූපත්වල පවතින අධික උණුසුම හේතුවෙන් වයිරසය පැතිරයාම ඉතාම අඩුවෙන් වාර්තා වන බව වැඩිදුරටත් සදහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් 19

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් 19

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නැඩින් ඩොරිස් මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය ගණන 06ක් බව වාර්තා වෙයි. ඇමතිවරිය සදහන් කර ඇත්තේ මෙම අසාදන තත්ත්වය සොයා ගැනීමෙන් පසු තමා නිවසේ ස්වයංව හුදෙකලා වී කටයුතු කරන බවය.

COVID-19 ආසාදිත පළමු ලාංකීකයා මෙරටින් හමුවෙයි

COVID-19 ආසාදිත පළමු ලාංකීකයා මෙරටින් හමුවෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 52 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙක් වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව  එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මාධ්‍යඅංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසය හෙවත් COVID-19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා…

කොවිඩ් 19 තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ට

කොවිඩ් 19 තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර ඇත. ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බව  ගල්ෆ් පුවත් සේවය සදහන් කරයි.

death

පෙරියමුල්ල ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙන් අත්අඩංගුවට

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයට පැමිණි පුද්ගලයින්  මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයින් එය වැළැක්වීමට උත්සහ ගැනීමේදී  ඇති වූ ගැටුමේදි  පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන තිබේ. බරපතළ ලෙස තුවාල ලැබු පුද්ගලයින් සිව්දෙනෙකු  මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර 36 හැවිරිදි ගනේවැල්පොල, කැකිරාව ප්‍රදේශයේ පදිංචි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරුවන් අද(11) මීගමුව මහේස්ත්‍රාත්…

ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදාවෙයි – ජේෂ්ඨයින් තරඟබිමේ

ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදාවෙයි – ජේෂ්ඨයින් තරඟබිමේ

ඉන්දියාවේ මුම්බායිහිදි පැවැත්වෙන ක්‍රීකට් ප්‍රවීණයන්ගේ තරගමාලාවේ ඔස්ට්‍රේලියාවට එරෙහිව  පැවති විස්සයි විස්ස තරගය විෂිශ්ඨ ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 161 ලබා ගත්තේය. ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් රොමේෂ් කලුවිතාරණ ලකුණු 30 සහ චාමර කපුගෙදර ලකුණු…

සුඩාන අගමැති 99න් බේරේ

සුඩාන අගමැති 99න් බේරේ

සුඩාන අගමැති අබ්දල්ලා හම්ඩොක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දිවි බේරාගෙන ඇති බව සදහන්.  සුඩාන අගනුවර වන කාටෝන් හිදී ඔහු ගමන් කළ රථවාහන පෙළට ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුවත් කිසිවෙකුත් තුවාල ලබා හෝ මියගොස් නොමැති බව විදෙස් වාර්තා සදහන් කරයි. 

මැතිවරණය නිරීක්ෂණයට 6000ක්

මැතිවරණය නිරීක්ෂණයට 6000ක්

මැතිවරණයේ නාම යෝජනා භාරදිමේ කටයුතු ආරම්භ වීමත් සමඟ නිරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය සදහන් කරයි. මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 6000ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව එම සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.

පෙට්‍රල් 97යි ඩීසල් 57යි භූමිතෙල් 46යි

පෙට්‍රල් 97යි ඩීසල් 57යි භූමිතෙල් 46යි

රුපියල් 137ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් හතළිහකින් අඩු කිරීමේ හැකියාව රජයට පවතින බව ජාතික සේවක සංගමයේ උප සභාපති පවසයි. තෙල් සංස්ථාවට වැයවන සියලු මෙහෙයුම් ගාස්තු සහ බදුද ඇතුළුව ගැටලුවකින් තොරව ආණ්ඩුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 97 කට ලබාදිය හැකි බව හෙතෙම සඳහන් කරයි. රුපියල් 104කට අලෙවි වන ඩීසල් ලීටරයක්…

කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි

කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි

පිටකොටුවේ කැලෑ මාකට් එකට මොහොතකට ගොඩවිය. අප යන විට එහි තැඹිලි තොග කිහිපයක් තිබුණත් ඒවායේ මිල ඇසූ විට අප මවිතයට පත් විය.  තැඹිලි ගෙඩිගෙඩියක  මිල වූයේ රු. 120කි.  කැලෑ මාකට් එකේ කවදත් මන්නයක් අතින් ගෙන තැඹිලි විකුණන පුද්ගලයා එදා සිටියේ නයා මළ අහිකුණ්ඨිකයකු මෙනි. ‘‘මෙහෙට හවස 6 ඉඳන් උදේ 6 වෙනකම් තැඹිලි එනවා. අද කපන්නවත්…