2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට

2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී  පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. කොදෙව් පිල ඕවර 17 කදී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගනිමින් තරගය…

ගතවූ පැය 24ක් තුළ ඉතාලියෙන් කොවිඩ් -19 මරණ 49ක්

ගතවූ පැය 24ක් තුළ ඉතාලියෙන් කොවිඩ් -19 මරණ 49ක්

ඉතාලියේ වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවගතවූ පැය 24ක් තුළ වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 49කි. මේ වන විට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉතාලියේ කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බහුතර පිරිස වයෝවෘද්ධ පුද්ගලයින් වන බවත් ඉන් 72% ක් පිරිමි පුද්ගලයින් බවත් ය.

unp

එජාපය අලියාගෙන් මහ මැතිවරණයට

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැතිවරණ කොමිසමට ඒ බව දැනුම් දුන් බවයි.

වියළි කාලගුණයෙන් 298,132 ක් පීඩාවට

වියළි කාලගුණයෙන් 298,132 ක් පීඩාවට

දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයෝ 298,132 ක් පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වුණේ, ඒ අතර පවුල් 74796 ක් වන බවයි. කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් පීඩා එල්ලවී තිබේ.

law

රවි ඇතුළු 10කට වරෙන්තු

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය  වරෙන්තු නිකුත් කර තිඛේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන අටකට සිදුකළ මූල්‍ය පාඩුව නැවත අයකර ගැනීම සඳහා රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් සිවිල් නඩු අටක් පවරා ඇති අතර, ඉන් නඩු පහක්…

මාලිංග විසි වෙයිද ? අද තීරණාත්මකයි

මාලිංග විසි වෙයිද ? අද තීරණාත්මකයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අද පන්දුවාර 20යි 20 තරගය කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට වැදගත් වනවා. අද තරගයද පරාජය වී තරගාවලිය පරාජය වුවහොත් ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇති.

කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

අද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හී පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ උතුරු මැද…

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිමාකරමින් අද (06) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අඅයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

හිටපු රාජ්‍ය ඇමැති විමල් වීරවංශ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරෝ අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සාමාජිකයන්  නතර කර ඇත. දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රියවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දුම්රිය රියැදුරන්ට දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇත.’’ යනුවෙන් විමල් වීරවංශ කළ බව කියන ප්‍රකාශයකට…

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම අද(06)සිට

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම අද(06)සිට

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අදින් ආරම්භ විය. තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 16 වැනිදා දක්වා භාරගැන්නා අතර අයදුම් පත්  මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.