Water_Cut

පැය 24ක් ජල කප්පාදුවක්

පෑලියගොඩ,වත්තල,ජා-ඇළ,කටුනායක,සීදූව,කැළණිය,බියගම,මහර,දොම්පෙ,ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශ වලට අද(10) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

කිරිබත්ගොඩ නිවසක් ගිනිගනියි

කිරිබත්ගොඩ නිවසක් ගිනිගනියි

කිරිබත්ගොඩ නගරයේ නිවසක අද සවස ගින්නක් හට ගත්තේ ය. ගින්න ඇතිවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර ගින්න මැඩපැවැත්වීමට කොළඹ ගිනි නිවීම් ඒකක‍යේ ගිනි නිවීම් රථ 3ක් යොදවා ගින්න පාලනය කර ඇත. ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්
|

ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ. ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ. අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක වෙයි. කොවිඩ්…

sajith

සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත වේ

සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය අද විවෘත කෙරුණි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට දේශපාලනඥයින් රැසක් එක් ව සිටියහ.

දඹදිව සංචාර නවතී

දඹදිව සංචාර නවතී

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව සඳහන් වේ.

dolor

රු. බිලියන 20ක විදෙස් ආයෝජන රටින් පිටවෙයි

රජයේ සුරැකුම්පත් හි විදෙස් හිමිකාරීත්වය පසුගිය සතිය වන විට රු. බිලියන 83 ක් දක්වා පහත වැටී ඇත. මෙම අගය 2020 පෙබරවාරි 26 දිනය වන විට දැක්වුණේ රු. බිලියන 91.24 ක් වශයෙනි. මේ අනුව ගෙවී ගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින් විසින් රු. බිලියන 8.23 ක සිය ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත….

corona
|

කොවිඩ් -19 ඉතාලියේ පළාත් 14 ක් වසාදමයි

කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපය සහ තවත් පළාත් 14 ක් වසාදැමීමට බලධාරීන් තීරණය කර ඇත. ඒ,ගතවූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 1200ක් වාර්තා වීමත් සමඟයි. කොරෝනා වෛරසයේ ඉතාලියේ ආසාදිතයින් ගණන 5883 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 233ක්.  

mathiwarana komisin sabawa

COVID-19 මැකෝ සීරුවෙන් තබයි

නව කොරොන වයිරස් COVID-19 ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් තුළ මෙරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එයින් කිසියම් බලපෑමක් විය හැකිදැයි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ලංකාවට මෙතෙක් එවැනි අවධානමක් නැතැයි අදාළ බලධාරීන් පැවසුවද ඒ පිළිබඳව සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මැතිවරණ නිරීක්ෂකයින් විසින් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.

නිරෝධායනයට භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටෙයි

නිරෝධායනයට භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටෙයි

චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව  වාර්තා වේ. මෙය, කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක්  ලෙස වෙන් කළ හෝටල් ගොඩනැගිල්ලක් බව පැවසේ. 

ජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අද

මෙවර එහි තේමාව ඇය දිරිමත් – රට සවිමත් යන්නයි. ජාතික උත්සවය රන්තපුර නව නගර ශාලාවේ පැවැත්වීමට නියමිත ය. මේ අතර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවයි. කාන්තාවට ආදායම් උත්පාදනයට සමසේ දායක විය…