එක්සත් ජනපදය යුරෝපයට සංචාරක සීමාවන් පණවයි

එක්සත් ජනපදය යුරෝපයට සංචාරක සීමාවන් පණවයි

එක්සත් ජනපද ජනාධිපති  ට්‍රම්ප් විසින් කෝවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. මහා බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදිතයින් 460ක් දැන්ට තහවුරු වී තිබුණත්, දැඩි නමුත් අවශ්‍ය සීමා පැනවීම් මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවන බවද ට්‍රම්ප් කියා සිටියේය. නව නීති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති. බවද ඔහු…

කුවේට් සියලු වැඩබිම්වලට සති දෙකක නිවාඩුවක්

කුවේට් සියලු වැඩබිම්වලට සති දෙකක නිවාඩුවක්

කුවේට් රාජ්‍යය කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රටේ සියලු වැඩබිම්වල සිටින ජනතාවට සති දෙකක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. කුවේටයේ රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසා සිටියේ එරට සියලු වාණිජ ගුවන් ගමන් නවතා දැමීමටද රජය තීරණය කර ඇති බවයි.

“කොවිඩ් 19″ගෝලීය වසංගතයක් වෙයි

“කොවිඩ් 19″ගෝලීය වසංගතයක් වෙයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් වසංගත තත්වය ප්‍රකාශයට පත්කිරීමේ දී කියා සිටියේ චීනයෙන් පිටත වෛරස් ව්‍යාප්තිය සති දෙකක් තුළ 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. ලොව පුරා රටවල් ගණනාවක යම්කිසි රෝග තත්වයක් එකවර දරුණු ලෙස පැතිර…

නිරෝධායනයට අකැමැති වී හැසිරු‌ණොත් සිරදඬුවම්

නිරෝධායනයට අකැමැති වී හැසිරු‌ණොත් සිරදඬුවම්

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන අකැමැති වී හැසිරු‌ණොත් සිරගත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි. මෙරටට පැමිණෙන දෙස් හෝ  විදෙස්  පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත්…

කොවිඩ්-19 හැදුනොත් මැරෙනවද ?

කොවිඩ්-19 හැදුනොත් මැරෙනවද ?

සරලවම උත්තරය නෑ ! කොරෝනා වසංගතයක් බවට පත් වෙලා තිබුණට තවමත් පෙන්නන්නේ 3.5%ක මරණ ප්‍රතිශතයක් විතරයි..ඉතුරු කොරෝනා හැදුන සියල්ලම සුව උනා..හැබැයි කොරෝනා කියන්නෙ මීට කලින් මිනිස්සුන්ට ආසාදනය නොවුණ , වෛද්‍ය විද්‍යාව සතුව බෙහෙත් හෝ දැනුම නැති රෝගයක් නිසා රෝගය තවදුරටත් පැතිරීම වලක්වගන්න තමයි මිනිස්සුන්ව නිරෝධායනයට ලක් කෙරෙන්නෙ.. වයිරස් එකක් කියන්නෙ අජීවී දෙයක්.ඒක හරියටම කීවොත් ප්‍රෝටීන්…

නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ

නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ

කෝවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා. රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට…

dammikaperera

ධම්මික වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් අරඹයි

වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම් 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ. මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී යෝජිත ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉදිරිකිරීම් පරිපාලනය, සංවර්ධනය හා නඩත්තුව මෙම සමාගමට පැවරෙනු ඇත.

INNOTECH 2020 ප්‍රදර්ශනය ඇරඹෙයි

INNOTECH 2020 ප්‍රදර්ශනය ඇරඹෙයි

INNOTECH 2020 ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ලබන 14 වනදා දක්වා එය පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ දීයි. තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ 2020 ජාතික ප්‍රදර්ශනය සංවිධානකර ඇත්තේ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයයි. හෝමාගම පිටිපන ප්‍රදේශය ආවරණය වන පරිදි එය පැවැත්වෙන්නේ වසරේ දැවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනය ලෙසින්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය…

කෝවිඞ් 19 ඉරානයේ සිරකරුවන් 70,000 කට නිදහස ලබාදෙයි

කෝවිඞ් 19 ඉරානයේ සිරකරුවන් 70,000 කට නිදහස ලබාදෙයි

කෝවිඞ් 19 වයිරසය වේගයෙන් පැතිරෙන බැවින් සිරකරුවන් 70,000 කට නිදහස ලබා දීමට ඉරාන රජය පියාවර ගෙන ඇත. ඉරාන බන්ධනාගාර කිහිපයක වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවුණු බව ද ඉරාන රජය වැඩිදුරටත් පවසා ඇත.  

මුළු ඉතාලියම නිරෝධායනයට

මුළු ඉතාලියම නිරෝධායනයට

කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සමස්ත රටම දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලිය  පියවර ගත්තේය. ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයට එරෙහිව චීනය ගෙන යන සටනේදී ඔවුන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඉන් ඉතාලියට ඉන් බරපතළ බලපෑමක් එල්ල වී ඇත. කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනතුරු ඇඟවීය.