loans

2022 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,051.3 ක් හෙවත් රු. ට්‍රිලියන 24.05 ක් ලෙසින් වාර්තා වේ.

2022 අප්‍රේල් මාසය අවසානයේ දී මෙම අගය රු. බිලියන 23,310.1 ක් ලෙසින් දැක්වුණු අතර 2021 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන් විය.

මේ අනුව මැයි මාසය තුළ දී පමණක් රජයේ ණය ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 741.2 කි.

2022 මැයි මාසයේ දී සමස්ත ණය ප්‍රමාණයෙන් රු. බිලියන 12,522.1 ක් දේශීය ණය ලෙසත් රු. බිලියන 11,529.2 ක් විදේශීය ණය ලෙසත් වාර්තා වේ.

Similar Posts