imf

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.

Similar Posts