මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති මෙරට ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම නිසි අයුරින් සිදුව නොමැති බවත් බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාත තවදුරටත් අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඊයේ (08) කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

මෙරට සැබෑ ආර්ථිකය වෙත මහ බැංකුව විසින් හඳුන්වාදෙන ලද මුල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වීම නිසි අයුරින් මෙතෙක් සිදුව නැහැ. වෙළෙඳපොළ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතුයි. පසුගිය සමයේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනයත් සමග එම උද්ධමන පීඩනය පාලනය කර ගැනීම සඳහා අධික ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට සිදු වුණා. එහෙත් පසුගිය මාස දෙකක කාලයේදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත පදනම් අංක 450 කින් පමණ අඩු කළා. මෙරට උද්ධමනය සියයට 4 ත් 6 ත් අතර අගයකට ගෙන ඒම මහ බැංකුවේ ප්‍රධානතම සැලැස්මයි.

news hiru

 

Similar Posts