BOI

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත.

අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම ඊයේ (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි.

වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරිණියෙකි.

මෙම අවස්ථාවට ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරු ඇතුළු සියළුම අංශ ප්‍රධානීන් එක් වූහ.

Similar Posts