dolor

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම සලකා බැලීමෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද නියමයෙහි වලංගු කාලය 2021 ජනවාරි 2 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරමින් 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/25 දරන ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය නිකුත් කරන ලදී.

ඒ අනුව ප්‍රාග්ධන ගනුදෙනු සඳහා සිදු කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ මත පනවා ඇති පහත දැක්වෙන සීමාවන් 2021 ජූලි 1 වන දින දක්වා බලපැවැත්වෙනු ඇත.

Similar Posts