ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව පෙන්වා දෙයි.

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඉකුත් නොවැම්බර් මස නිරීක්ෂණය කළ අමෙරිකානු ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

නිල සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කර තිබේ.

Similar Posts