dailyreporter

Trust Sri Lanka විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව 2023 ජුලි 04 වන දින ප.ව. 1.30 ට නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය.
මෙහි දී
* ‘ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම සහ ණය ඇගයීම’ සම්බන්ධ දේශනය – ලංකා බැංකුව නියෝජනය කරමින් එන්.ඩබ්ලිව්. වසන්ත මහතා විසින් ද,
* ‘අපනයන කළමනාකරණය සහ ඒ සඳහා පවතින අවස්ථා’ සම්බන්ධ දේශනය – වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සමීර මහතා විසින් ද,
* ‘කුළුබඩු කර්මාන්තය සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර’ සම්බන්ධ දේශනය – රාජ්‍ය කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මිය විසින් ද,
* Trust Sri Lanka සංවිධානය පිළිබඳ හැඳින්වීමේ දේශනය – එහි සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින් ද,
* ‘අපනයන ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා සොයාගැනීම සහ ඉන් ඉදිරියට ගමන් කිරීම’ සම්බන්ධ දේශනය – ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක සභා සාමාජික සමන් ශ්‍රී ලාල් මහතා විසින් ද,
* ‘කාන්තා ව්‍යවසායකත්වය’ සම්න්ධ දේශනය – කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ලක්ෂ්මි ජයසිංහ මහත්මිය විසින් ද,
සිදු කරන ලද අතර, මේ අවස්ථාවට එක් වූ කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු සම්බන්ධ සාකච්ඡාමය සංවාදයක් ද පැවැත්විණ.

මෙහිදී දැක්වූ අදහස් පහත ලින්ක් මගින් ලබා ගත හැක.
Facebook Link : https://fb.watch/lAQ3zcGERk/

daily mirror of sri lanka, dailyreporter

Similar Posts