expresspearl

X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ පිරිවැය සහ ධීවරයින් වෙනුවෙන් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබාදී තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම විසින් අදාළ ගෙවීම් සිදුකර ඇති බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුව ඉදිරි වසර කිහිපය තුළ මෙරට විදෙස් ණය ප්‍රතිශතය අඩු කිරීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඔහු පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡා සියල්ල මේ වන විට සාර්ථක වී ඇති බවයි.

Similar Posts