විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ…