ceylincolife

සෙලින්කෝ ලයිෆ් වෙතින් හරිත ශාඛා ගොඩනැගිල්ලක්

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයාට අයත් 39 වන ශාඛා ගොඩනැගිල්ල වන මෙය දිවුලපිටිය නගරයේ පළමු හරිත ගොඩනැගිල්ලයි. සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක සැලසුම් සහගතව ඉදිකර විවෘත කෙරුණු සමාගමට අයත් දිවුලපිටිය ශාඛාව මෙම නගරයේ විවෘත කෙරුණු පළමු හරිත ගොඩනැගිල්ල විය. සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිකළ 39 වන සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගිල්ල වන මෙය සමාගම විසින්…

ප්‍රංශ සමාගමකට ලංකාවෙන් නෞකාවක්

ප්‍රංශ සමාගමකට ලංකාවෙන් නෞකාවක්

මෙවැනිම නෞකාවක් ජපානය සඳහාද නිශ්පාදනය කිරීමට කලම්බු ඩොක් යාර්ඩ් සමාගම පසුගිය දා. කටයුතු ක්ළේය. මේ ප්‍රංශ සමාගමක් සමග නෞකාව ක් ඉදි කිරීමට ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනය යි.

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකි. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා යි….

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
|

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ. මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි….

vehicle sale in sri lanka

වාහන ආනයනය තවත් වසරකින් කල් යයි

වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ. මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.

money converter
|

මුදල් භාණ්ඩ හුවමාරුව‍ පරිස්සමින්

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ, නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සදහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිදු කරගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවරයන් වන බවයි. මුදල් පමණක් නොව භාණ්ඩ…

වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට
|

වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.

BoC
|

ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට දේශපාලන බලපෑම්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ  ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉ‍ටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක්  ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන…

vehicles imported to Sri Lanka අලුත් වාහන වාහන ආදායම් බලපත්ර අලුත් වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම online වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු 2024 වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු වාහන ලයිසන් අලුත් කිරීම වාහන ආදායම් බලපත්ර අලුත් කිරීම වාහන අලුත් වැඩියාව

වාහන මිල ගණන් සීඝ‍්‍රයෙන් ඉහලට

රට තුළ වාහන මිල ගණන ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ආනයනය නතර කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව සදහන්. රුපියල් ලක්ෂයේ සිට ලක්‍ෂ 5 වැනි ඉහළ අගයක් තෙක් වාහන මිල වැඩි වී ඇතැයිද පැවසීය.

තල් හා කිතුල් කර්මාන්ත මඟින් විදේශ විනිමය උපයා ගැනීමට සැලසුම්
|

තල් හා කිතුල් කර්මාන්ත මඟින් විදේශ විනිමය උපයා ගැනීමට සැලසුම්

තල් හා කිතුල් කර්මාන්ත නඟා සිටුවා එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. තල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙළ යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයේදී තල් නිර්මාණ එළිදැක්වීමේ වැඩිසටහනක් පැවත්වුණා. ඒ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සහයෝගයද ඇතිවයි. එම නිෂ්පාදන ජනතාවට මිලදීගැනීමටද මෙහිදී පහසුකම් සළසා තිබුණා.