cse

කොළඹ  කොටස් වෙළෙදපොලෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 2020 ජනවාරි 18වන දින ගනුදෙනු අවසානයේදී සටහන් විය.

ඒකක 7,922.66  ලෙස දැක් වූ  අගය 2011 පෙබරවාරි මස 14 වන දින තැබූ ඒකක 7,811.80  වාර් තාව අභිබවා ඇත.

කොළඹ  කොටස හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20  දර් ශකය සමස්ත අගය 3000 ඉක්මවා 3,003.30ක් ලෙස 2020 ජනවාරි 18වන දින සටහන් විය.

2021 වසරෙහි ඇරැඹූමෙන් පසුව සියලු කොටස් මිල දර්ශකය ලොව වැඩිම වර් ධනයක් දක්වා ඇති දර් ශක අතර නිරන්තරයෙන්ම වාර් තා වී ඇත.

මේ වසරේ දී 16.95% වර් ධනයක් දක්වමින් ලොව වැඩිම  වර්ධනයක් දක්වන මිල දර්ශකය ලෙස BLOOMBERG ආයතනයෙහි දත්ත සදහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුව පිළිබඳව:

කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ලයිස්තුගත සමාගම් හා ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය පාරදෘශ්‍ය හා විධිමත් පරිසරය සකස් කෙරෙයි.

සාමාජික  ආයතන 15 කින් හා  ගනුදෙනුකරන සාමාජික  ආයතන 15 කින් සමන්විත  මෙය  ශ්‍රී ලංකාවේ නෛතික රාමුවට අදාලව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබෙන අතර  ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් අධිකාරිය ලබා තිබේ.

මෙම සියලුම සාමාජික ආයතන හා ගනුදෙනුකරන සාමාජික ආයතන කොටස් තැරැව්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් බලපත්‍ර ලබාගත යුතුය.

වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

Similar Posts