පාඨලීගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 16ක පරිත්‍යාගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ දී හදවත් රෝගී දියණියකට රුපියල් ලක්ෂ 16ක පරිත්‍යාගයක් සිදු කළේය. එම පරිත්‍යාගය සිදු කිරීමෙන් අනතුරුව රණවක මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. හදවත් රෝගයකින් පෙළෙන අනුරාධපුර රාජාංගණයේ සිට පැමිණි ගොවි පවුලක දෙවෙනි දරුවා වු දියණියක් වෙනුවෙන් එසේ ලක්ෂ දහසයක පරිත්‍යාග පිරිනැමීම සිදු කළ අතර,…