තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?
මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි. එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට…









