දැඩි ආහාර අර්බුදයක් – සෑම බිම් අඟලකම වගා කිරීමට සිදුවේවි

food2

ඉදිරියේදී රටේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලකම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ සඳහා සියලු පාර්ශ්ව දැනුවත් කර ඔවුගේ සහාය ගැනීමට නියමිතය.

ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන දැනුවත් කර මේ වෙනුවෙන් ඔවුගේ දායකත්වය ගැනීම සඳහා වූ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් දිසාපතිවරයා මෙසේද කීය.

හෙට දවසේ මොනවා වෙයිද කියන එක ගැන අපට හැඟීමක් නැති වෙමින් තිබේ. ඒ නිසා මේ වෙලාවෙ අපට යම් යම් ක්‍රියාමාර්ගවලට එන්න සිදු වෙනවා. මේවා පිළිබඳව දිගින් දිගට විවේචනය කර කර ඉන්න අපටත් පහසුයි. ඔබටත් පහසුයි. නිලධාරීන්ටත් පහසුයි. ජනතාවටත් පහසුයි. උද්ඝෝෂණ කරන්නත් ලේසියි. ගිහිල්ල කොහේ හරි කෑගහන එක. එහෙම නැතිනම් මේක විවේචනය කරන්න හරි ලේසියි. සමාජ මාධ්‍යවලට දාන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කරලා රටට මොනවද ලැබෙන්නේ.රටට මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ තුළින් සිදුවන්නේ තවත් නාස්තියක් සහ විනාශයක් පමණයි. එහෙමනම් දැන් අපට සිදු වෙනවා මීට එහාට ගිහිල්ලා අද දවසේ යම් කටයුත්තක් කරන්න. අපට මේක කවුරුත් කියනකම් ඉන්න බැහැ. කවුරුත් කියන නිසා කරන්න අවශ්‍යත් නැහැ.

අපට මහා ලොකුවට තවම නොදැනුණත් බඩගින්න කියන එක වෙනදාට වැඩිය ඉස්මතු වෙමින් තිබෙනවා. තව මාස තුනක් යනකොට අපට ආහාර හිඟයක් ඇති වෙනවා.මේක යථාර්ථයක්. මේක මහ පොළොවේ යථාර්ථයක් වෙනවා. අද වෙනකොටත් සමහර පවුල් දවසට එක වේලක් කන තත්ත්වයට පත් වුණා නම් ඔබ අප ඇතුළු සියලු දෙනාම වෙනදා ගත්ත ආහාර වේලෙන් භාගෙකින් සෑහීමකට පත්වෙන්න අපි කවුරුත් පෙලඹුනා නම් මේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසා අපට කරන්න තියෙන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යම්කිසි කෙටි කාලීන නිෂ්පාදන සඳහා යොමුවීමයි.

තමරසිරි විජේසේකර – දෙයියන්දර සමූහ යුවන්ත නෙත්සර – මුලටියන විශේෂ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….