ranil
| |

සැප්තැම්බර් මාසයේදී මෙරට සහල් සංචිත අවසන්

රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල්…

මන්කිපොක්ස් වෛරසය ආසාදිතයින් රටවල් 15 කින් හමුවෙයි
|

මන්කිපොක්ස් වෛරසය ආසාදිතයින් රටවල් 15 කින් හමුවෙයි

මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙම වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ, යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද බහුලව දක්නට ලැබෙන බවට වාර්තා වේ. මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, රටවල් කිහිපයක් වසූරිය එන්නත් ගබඩා කරන බවට වාර්තා වේ.

මගුල් හතරයි අවමගුලයි

මගුල් හතරයි අවමගුලයි

ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම්  දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු  අවස්ථාඑමට ය. විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ ‘දෙවියන් විසින් එක්කල මොවුන්දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන්…

sivil

අගමැති වෙත ඉදිරිපත් කෙරෙන සිවිල් සමාජ යෝජනා

මෙම යෝජනා ඉදිරිපත් කරන අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවර භාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. විසදුමකින් තොරව ඇදී ගිය දේශපාලන හා ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හෝ අන්තර්වාර පාලනයක් බිහි කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීම නියෝජිත…

රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක වැසී යාමේ අවදානමක්
|

රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක වැසී යාමේ අවදානමක්

රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති. රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්…

may9
|

මැයි 9 දා පෙරළිය තේරුණේ රනිල්ට විතර ම ද ?

අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා බී බී සී ය සමග පැවති සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ රාජපක්ෂවරයකුට මින් පසු ජනාධිපති වනවා තබා මන්ත්‍රීවරයකුවත් විය නොහැකි වන බව යි. ඒ මැයි 9 දා සිදුවීම්වල ප්‍රතිවිපාක වශයෙනි. දේශපාලන තත්ත්වය වෙනස් වූ ආකාරය රනිල් වික්‍රමසිංහ මහතා දකින්නේ ඒ ආකාරයෙනි. ඒ ඔහුගේ දේශපාලන තක්සේරුව යි. මෙලෙස…

ranil5
|

සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය තුලදී ගත කිරීමට සිදුවේවි

ඉදිරි මාස කිහිපය සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කිරීමට සිදුවනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා…

sil

ශ්‍රි නිග්‍රෝධාරාමයේ සිල් සමාදම්විමේ පිංකමක්

වෙසක් පුන් පොහෝය නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ උවසි උවැසියන් විශාල පිරිසක් සිල් සමාදම්විම සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට පැමින සිටින ලදි. වසර තුනකට පසුව මෙවර වෙසක් පුල් පොහෝ දිනයේ ප්‍රදේශයේ උවසි උවැසියන් දෙසියකට අධික පිරිසක් සිල් සමාදම් විම සදහා විහාරස්ථානයට පැමින සිටින බව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල…

ranil5
|

රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම්

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යන” බවත් මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයට පත් කරන බවත් බී.බී.සී. ලෝක සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය. වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම දිනක ආහාර වේල් තුන සහතික කිරිම තම එක් අරමුණක් බවයි ඔහු පැවසුවේ. එමෙන්ම සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා…

රනිල්ට අගමැතිකම කැරකෙයි
|

රනිල්ට අගමැතිකම කැරකෙයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.