අතුරුදන්ව සිටින තම සැමියා සොයාදෙන්නැයි බිරියගෙන් ආයාචනයක්
මාස හතරක කාලයක් පුරා තම ස්වාමියා අතුරුදන් වී සිටීම නිසා මින්නේරිය, සමඟිපුර, සංඝමිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අසරණභාවයට පත්ව සිටී. මෙසේ අතුරුදන්ව ඇත්තේ යුද හමුදාවේ සිවිල් සේවකයකු වන කෝනාර මුදියන්සේලාගේ සෝමතිලක බණ්ඩාර නමැති හතළිස් හැවිරිදි පුද්ගලයෙකි. අතුරුදන් තැනැත්තාගේ බිරිය වන 37 හැවිරිදි යූ.ජී. පුෂ්පලතා මහත්මිය මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය. “මගේ මහත්තයා…