මත් පැන් මිළ ගණන් ඉහළට

මත් පැන් මිළ ගණන් ඉහළට

මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සමාගම පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා තිබෙයි. මිලිලීටර් 375 සහ මිලිලීටර්…

හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවක්

හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවක්

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවන් යෙදවිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත. ලංකාවේ විවිධ ප්‍රදේ‍්ශවල සිට දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා මෙම වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස්…

හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කරයි

හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කරයි

හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කිරිමට හා දුම්රිය මාර්ගය දෙපස සුද්ධ කිරිමට දුම්රිය අධිකාරියේ සේවක පිරිස් විසින් පියවර ගෙන ඇත. එම දුම්රිය මාර්ගය නවිකරනය කිරිමේ කටයුතු සිදු කරන සේවක පිරිස් එම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන ලද අබලන් සිල්පර කොටන් ඉවත් කිරිම සිදු කරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්
|

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන වසරේ ජනවාරි මස නව පනත් අටක් සම්මත කිරීමට සූදානම් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ යුක්තිය පසිදලීමේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 18ක කාලය තුළ සම්මත කරන ලද නව නීති, අණ පනත් සම්බන්ධයෙන් රජයේ…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් යානයක්
|

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් යානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් ගුවන් යානයක් එක්වී තිබෙනවා. ඒ බෙල්ජියමෙන් කුලී පදනම මත ලබාගත් A330 වර්ගයේ යානය පැමිණීමත් සමගයි. මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 22ක් සහ පිරිමැසුම් පන්තියේ ආසන 240කින් සමන්විත වෙයි. එය ලබන 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතයි. බෙල්ජියමේ සිට දෙවන…

චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්

චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ. එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.  

dailyreporter

මැතිසභා ’’බස් පත’’ ජනවාරි 31 න් අහෝසියි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලයේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට දෙන බස් ගමන් බලපත ජනවාරි 31 වැනිදායින් පසු අහෝසි කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට ලබාදෙන මෙම බස් බලපත වෙනුවෙන් මහ භාණ්ඩාගාරය වසරකට රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වෙන් කරන බව පැවසේ….

සුනාමි සැමරුම් උත්සවයක්

සුනාමි සැමරුම් උත්සවයක්

සුනාමි ව්‍යශනය සිදුව වසර 19ක් පිරිම නිමිති කර ගෙන හැටන් නගර මධ්‍යයේදි 26වන දින සුනාමි සැමරුම් උත්සවයක් පවත්වන ලදි. මෙහිදි සුනාමියෙන් මිය ගිය පිරිසට පිං පැමිනවිම සදහා හැටන් පුංචි බෝධිය අසල පහන් සදුවදකුරු දැල්විමක්ද සිදුකර විනාඩි දෙකක කාලයක් මාර්ගයේ රථ වාහන නතර කර සුනාමියෙන් මිය පිරිස් සිහි කිරිමද සිදු කරන ලදි. මෙම අවස්ථාවට හැටන් මුලස්ථාන…

සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවයි

සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවයි

මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවිම 25වන දින මාර්ග හතරක් ඔස්සේ සිදු කරන ලදි. එහි එක් පෙරහැරක් හැටන් නගරය ඔස්සේ ගමන් කල අතර එම පෙරහැර 26වන දින අළුයම 2.00ට පමන හැටන් නගරයට පැමිනෙන ලදි. එම පෙරහැර හැටන් මල්ලිඅප්පුව සමන් දේවාලය අසලට පැමිනි අවස්ථාවේදි…

බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට
|

බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට

ජේසුස් ක්‍රිෂ්තුස් වහන්සේගේ උපත සැමරිමේ නත්තල් උදාව සැමරිමේ රාත්‍රි දේව මෙහෙය සදහා හැටන් ආශ්‍රිත වතුකරයේ කතෝලික බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට එක්ව සිටින ලදි. නත්තල් උදාවේ වීශේෂ දේව මෙහෙය හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් විසින් සිදු කල අතර මෙම නත්තල් උදාවේ දේව මෙහෙය සදහා පැමින සිටි බැතිමතුන්ගේ හා දේවස්ථානයේ…