IMF මීලග සාකච්ඡා වටය අද සිට
තාක්ෂණික සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මීලග සාකච්ඡා වටය අද ආරම්භ කෙරෙනවා. එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි සඳහන් කලේ.

තාක්ෂණික සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මීලග සාකච්ඡා වටය අද ආරම්භ කෙරෙනවා. එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි සඳහන් කලේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පළට නිකුත් නොකරන නිසා තවදුරටත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් ඉල්ලා සිටින බව ලිට්රෝ ගෑස් සමාගම ඉල්ලා සිටී. ඇතිව තිබෙන ගෑස් අර්බුදය මත කර්මාන්තශාලා පමණක් සඳහා පමණක් ගෑස් සපයන බව ද ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩුලු 05 ක් ළකුණු 18 කදී දවාගැනීමට සමත්වුණා. ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබෙනවා. රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි පී එල් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු…

මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි. එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත. රුසියාව ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි….

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැයි මස 07වන දින මධ්‍යම රාත්‍රියේ සිට මුලු රටටම බලපාන සේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පණවන ලදි. ව්‍යවස්ථානුකූලව හදිසි නීතිය පැනවීමට විධායක බලතල හිමි ජනාධිපතිවරයාට බලය තිබේ. එනමුත් එය පැනවිය යුත්තේ මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති විට පමණි. මෙම හදිසි නීති තත්වය යටතේ මහජනයාගේ අනුළංඝනීය මානව හිමිකම් වන…

රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව එම සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ මාසය කාලයක් පැවැති මහජන විරෝධතාවලින් පෙන්නුම් කෙරුණු ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිදහසේ භූක්ති විඳින ආකාරය බවයි. නමුත් හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකාව තුළ මේවනවිට පවතින අර්බුද සහ අසීරුතාවන්ට…

රට තුල හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසා, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. එසේම ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ඔවුන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසයි.

ජනාධිපති , අගමැති , විපක්ෂ නායක , හිටපු ජනපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්විමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡා…

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කරයි.

රටේ පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ තෝරාගත් පාසල් සඳහා ක්‍රියාත්මක කෙරෙන දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා බාධා මතුවී තිබේ . ඒ හේතුවෙන් දිවා ආහාරය ලබාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවත් මෙම තත්ත්වයට විසඳුම් ලෙස ඉදිරියේ දී චීනයෙන් ලැබීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 5,000ක ප්‍රමාණය අදාළ පාසල් වෙත යොමුකිරීමට සැලසුම් කර ඇති බවත් පාසල් යටිතල පහසුකම්…