putin
|

පුටින්ගේ පෙම්වතිය සහ දරුවන් ස්විට්සර්ලන්තයට

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනාට දරු දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ පියා පුටින් බවත් විදෙස් වෙබ් අඩවි පවසයි. පසුගිය පෙබරවාරි 24 වැනිදා ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී, අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගත්තේය.

rupiyala

ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල බාල්දු පිට බාල්දු වෙයි

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 292 අගයක් දක්වා අද පහළ වැටිණි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 285-292 දක්වා අගයක් ගනු ලැබීය.

planty

ප්ලේන්ටිය රු.60යි

ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත. සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති. පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව සිටිති.

kasalre

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී. ඒ අනුව කාසල්රි ජලාශයේ ජල…

bumithel-polim

භුමි තෙල් පෝළිම් දිගු වෙයි – එක් අයෙකුට ලිටර 05යි

හැටන් නගරයේ පවතින ඉන්ධන හලකට දින කිපයකට පසුව භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිමට පැමිනි විශාල පිරිසක් පොළිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මේ වනවිට මෙම ප්‍රදේශය තුල පවතින ගැස් හිගය හා විදුලි විසන්ධි කිරිමත් සමග භුමි තෙල් බාවිතයට වැඩි ඉල්ලුමක් පවතින බවත් එම තත්වයන් මත භුමි තෙල් ලබා ගැනිම සදහා වැඩි පිරිසක්…

said

නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් තෙල් යුද්ධයට යොදවයි

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්‍රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…

gas
|

ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළදපොලට නිකුත් කළද හැටන් වලට ගෑස් නැහැ

හැටන් ප්‍රදේශය ගෑස් පාරිභෝගිකයන් ගෑස්ලබා ගැනිම සදහා අළුයම් කාලයේ සිට පොලීමේ රැදි සිටියද ගෑස් නොමැතිව හිස් අතින් නැවත නිවෙස් වෙත යැමට සිදුව ඇත. මෙම දිනවල හැටන් ප්‍රදේශය තුල ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් සිලින්ඩර් රැගෙන අලුයම හතරේ සිට පොලිමේ රැදි සිට ගෑස් ලොරි නොපැමිනිම හේතුවෙන් මෙම ගෑස් පාරිභෝගියන්ට හිස් අතින්…

diviyan

ගෑස්,කිරිපිටි,භූමිතෙල් පෝළිම් මදිවාට දිවි කරදර

දික්ඔය වනරාජ දියසිරි ගම ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් දෙදෙනකු හේතුවෙන් තමන් මේවන විට දැඩි බියකට පත්ව ඇති බවත්ය. මෙම දිවියන් දෙදෙනා රාත්‍රි කාලයේදි මෙම ප්‍රදේශයන්තුල සැරි සරන බවත් මේ වන විටත්…

thrweel

ත්‍රිරෝධ රථ රියදුරන් ක්‍රිලෝ මිටරයකට රුපියල් 150ක් අයකරයි

ඉන්දන මිල ඉහල යාමත් සමග හැටන් නගරයේ සමහර ත්‍රිරෝධ රථ හිමියන් හිතු හිතු ගනන් අය කිරිමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් නගරයේ ධාවනය කරවන සමහර ත්‍රිරෝධ රථ රියදුරන් ඉන්දන මිල ඉහල යාම උපයෝගි කර ගෙන හිතු හිතු ලෙස ගාස්තු අයකිරිම් සිදු කරන බවත්ය. මෙම…

මධ්‍යම කදුකරයේ වියළි කාලගුණික තත්වය නිමා වෙයි

මධ්‍යම කදුකරයේ වියළි කාලගුණික තත්වය නිමා වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ හැටන් ආශ්‍රිත ප්‍රදේශ ඉතුල පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් මෙම ප්‍රදේශයන්ට මේ වන විට වැසි ආරම්භවි ඇත. මාස තුනක පමන කාලයක් පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව,මස්කෙළිය, වැනි ප්‍රදේශවලට පසුගිය 18වන දින සවස් කාලයේ ආරම්භවු  දැඩි වැසි තත්වයන් එදින රාත්‍රිය දක්වා පැවති අතර කඩින් කඩ වැසි…