ගෑස් පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු හදිසියේම රෝහල්ගත කරයි
දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර තිබේ. බොහෝ ලංකා සතොස අලෙවිසැල් වල සීමා කර ප්‍රමාණයට හෝ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවද ඔවුහු සඳහන් කරති.

රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.

තව දුරටත් පවතින ඩිසල් හිගය හේතුවෙන් ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනය නොවිමත් සමග බස් රථ හිමියන් මෙන්ම මගින්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශය තුල ඩිසල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග හැටන් මහනුවර, හැටන් කොළඹ, දුර ගමන් සේවා මෙන්ම කෙටි දුර ධාවනය වන සමහර පුද්ගලික බස් රථද…

මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක ගිණුම් හිමියන් 76 දෙනකුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 15ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුත් සමඟ මෙම වංචාවට හවුල් වූ සංවිධානාත්මක මූල්‍ය අපරාධ කරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දෙදෙනා එක් ව එම බැංකුවේ ප්‍රධාන ගිණුම් හිමි…

ලෝකයේ මිල වැඩිවීම සමග බලන විට ලංකාව සිටින්නේ ඉතාම හොඳ තත්ත්වයක බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. අදටද ආසියාවේ අඩුම මිලට ඒවා දෙන්නේ ශ්‍රී ලංකාවේ බවද ඔහු සදහන් කලේය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනාට දරු දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ පියා පුටින් බවත් විදෙස් වෙබ් අඩවි පවසයි. පසුගිය පෙබරවාරි 24 වැනිදා ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී, අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගත්තේය.

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 292 අගයක් දක්වා අද පහළ වැටිණි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 285-292 දක්වා අගයක් ගනු ලැබීය.

ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත. සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති. පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවතී. ඒ අනුව කාසල්රි ජලාශයේ ජල…