dolor

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 දක්වා පහළට

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25) පහළ වැටී තිබෙනවා. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරට බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.  

shooting

කඩවත 9 කණුව අසල දි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව අසල දි වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී වෙඩි තැබීම සිදුකර ඇති බවය. කඩවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

central-bank
|

මහ බැංකුවෙන් නිවේදනයක්

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බව ජනතාවට වගකීමකින් යුතුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. රාජ්‍ය බැංකුවල කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කරන්නේ.

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් නවතම සමාජ ජාලා යෙදවුමක්
|

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් නවතම සමාජ ජාලා යෙදවුමක්

සමාජ මාධ්‍ය ජාලා තහනමට ලක්ව සිටින හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නවතම සමාජ ජාලා යෙදවුමක් හදුන්වා දුන්නා. ටෘෘත් සෝෂල් (truth social) ලෙස නම්කර ඇති මෙම යෙදවුම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් සමාජ මාධ්‍ය ජාලයක්. නව යෙදවුම දැනට භාවිතයේ ඇති ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට සමාන බවයි සමාජ මාධ්‍ය ජාලා විශ්ලේෂකයින් පවසන්නේ. කෙසේ වුවද එහි ගිණුමක් නිර්මාණය…

gas

දිනකට ගෑස් සිලින්ඩර් 120000ක් වෙළඳපොලට

පවතින ගෑස් හිගයට විසදුමක් ලෙස දෛනිකව ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ විසි දහසක් වෙළදපොලට නිකුත් කිරීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙනවා. ප්‍රමාණවත් ගෑස් සංචිත මේ වන විට පවතින බැවින් දින කිහිපයකින් ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ලාෆ් ගෑස් ද මේ වන විට වෙළදපොලට නිකුත් කෙරෙමින් පවතිනවා.  

අදත් විදුලි කප්පාදුව පැය 06 ක්

අදත් විදුලි කප්පාදුව පැය 06 ක්

අද (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය. P,Q,R,S,T,U,V,W  පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්. A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප –පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට…

train

දුම්රිය ගාස්තු ඉහළ දැමීම ඇමති අණින් නවතී

පුර්ව දැනුම් දීමකින් තොරව විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රියවල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටවු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. නගරාන්තර සීග්‍රගාමී දුම්රියවල හා දුර ගමන් සේවා විශේෂ දුම්රියයන් වල ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහල නැංවීම සම්බන්ධයෙන්  අද රාත්‍රියේ සාකච්ඡා පැවත්වීමට නිමිතව ඇති බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව සදුදා දින සිට නව දුම්රිය ගාස්තු ඉහළ…

train

දුම්රිය ප්‍රවේශපත් ගාස්තු 50% සිට 60% දක්වා ඉහළ

දුම්රිය ප්‍රවේශපත් ගාස්තු කිසිදු දැනුවත් කිරීමකින් තොරව අද (24) මධ්‍යම රාත්‍රී සිට ඉහළ දමා තිබේ. දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ නගරාන්ත, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් මෙලෙස වැඩිකර ඇති බවයි. ඒ අනුව ඇතැම් ගාස්තු 50% සිට 60% දක්වා ඉහළ දමා ඇත.

vat

VAT බද්ද ඉහළට

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව 01) මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමටත් 02) වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත…

price

පරිප්පු, සීනි, හාල් මිල 40% කින් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතැම් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ පරිප්පු, සීනි, හාල්, වැනි ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.