ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුව ගැන කැබිනට් තීරණය අද

ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුව ගැන කැබිනට් තීරණය අද

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් අද (28) තීරණයක් ගැනීමට නියමිත බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය. දැනට අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂ තව දුරටත් එම ධුරයේ තබා ගන්නවාද, නැතහොත් වෙනත් අයෙකු පත් කරනවාද යන්න කැබිනට් මණ්ඩලය අද තීරණය කරනු ඇතැයිද ඔහු කීවේය.

ajithrohana

නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක්

සිංහල අලුත් අවුරුදු කාලයේදී තමන් නිරතවන ගමන් බිමන් සම්බන්ධ තොරතුරු සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා සිටියි. අපරාධකරුවන් එම තොරතුරු ලබාගෙන එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමේ ඉඩක් ඇතැයි ද ඔහු පැවසීය.

upul

PHI සංගමයෙන් දැනුම්දීමක්

විදුලි කප්පාදුව හේතුවෙන් වෙළෙඳසැල්වල ශීතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍ය නියමිත දිනට පෙර කල් ඉකුත්විමේ තත්ත්වයක් උදාවී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

චීන ණය ගෙවන්න චීනයෙන්ම තවත් ණයක්

චීන ණය ගෙවන්න චීනයෙන්ම තවත් ණයක්

චීනයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සදහා තවත් ඩොලර් බිලියනයක ණයක් ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර ඇත. මෙම ඩොලර් බිලියනයක මුදල සම්පූර්ණයෙන්ම චීන ණය ආපසු ගෙවීම සදහා යෙදවීමට සිදුවන බවද දැනගන්නට ඇත.

uk
|

යුක්රේන යෝජනා සම්මත වෙයි

යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර…

food

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස චක්‍රලේකණයක්

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස සතොස ශාඛා කලමණාකරුවන්ට පාලන අධිකාරිය විසින් චක්‍රලේකණයක් මගින් උපදෙස් ලබාදි ඇත. මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු 110 මිලකට සහ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදිමට පියවර ගෙන ඇත. සිනි කිලෝවක් රු 160 මිලකටත්, පරිප්පු කිලෝවක් රු 360 මිලකටත් සතොස ශාඛාවල…

vimal-veerawansha

විමල් මැතිසබයේ දිගටම ඇබ්සන් වෙයි

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගීවී නැතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වලට සහභාගිවී ඇත. විමල් වීරවංශ මහතා ඇමැති තනතුරින් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු මස 3 වැනිදාය.

janapathi
|

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍යය කරා

“රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජාතික සන්ධානය සමග පවසයි. දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම,…

kasalre

ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් දින10 කටයි

ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් දින 10 ක් වැනි කාලයකට බව රත්නායක මහතා සඳහන් කරයි. ඒ් අනුව ඉදිරියේදී වර්ෂාව නොලැබුණ හොත් විදුලි අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්වන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි. මේ අතර , කෙරවලපිටිය බගාගාරයේ විදුලි නිෂ්පාදනය දැවිතෙල් නොලැබීම හේතුවෙන් ඇනහිට තිබේ.

law
|

නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

අවශ්‍ය සියලු පාර්ශ්ව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළේ ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ඇතුළු නිලධාරී…