‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය එළිදක්වයි
|

‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය එළිදක්වයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ජාතික සම්මේලනයට සමගාමීව ‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ බවයි. මීට අමතරව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය සහ වාර්ෂික නිලවරණය පැවති අතර…

corona-vi
|

කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට ලිංගික ගැටලු

කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්, කොවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ලිංගික ක්‍රියාවලියේ සහ දරුඵල අඩුවීමේ සංකූලතා මඟ හරවාගැනීම සඳහා කඩිනමින් කොවිඩ් එන්නත්කරණයට යොමුවන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියි. දරුවන්, ගර්භිණී…

oil

මිල වැඩි නොකළොත් තෙල් සීමා වෙයි

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බව ඔහු පවසා සිටියේය. ඉන්ධන…

exam results 2020 grade 5

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සදහා ලබාදී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සදහන් කළේ මෙතෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බවය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මෙන්ම නිල ජංගම දුරකතන යෙදවුම ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු…

ranil

රුපියල 275 – 300ට යන ලකුණු

මේ අවුරුද්දේ අපිට සම්පූර්ණයෙන් ඩොලර් බිලියන හයක් ණය ගෙවන්න තිබෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් නොකළහොත් ජුනි, ජූලි මාස වන විට ණය ගෙවීමට නොහැකි වන බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප‍්‍රකාශයක් කරමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසඳලා නෑ . රුපියලේ හිඟය…

ykren
|

යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක්

යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බව යුක්රේන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුපවාහිනිය ඔස්සේ ජාතිය…

43

රටේ ජනමාධ්‍ය නිදහස හා පුද්ගලික නිදහස කණගාටුදායක මට්ටමක

රටේ ජනමාධ්‍ය හා පුද්ගලික නිදහස මේ වන විට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇතැයි 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා කොළඹදී පැවසීය. ආණ්ඩුව රටේ ආර්ථිකය, මහජන සුබ සාධනය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී සියළු අංශවලින් අසමත් පරාජිත පාලනයක් බවට පත්වී හමාර බවත් පරණවිතාන මහතා ප්‍රකාශ කළේය. තම දේශපාලන ප්‍රතිවාදීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරමින් ඇති මර්දනය පිළිබඳව…

Russian Foreign Ministry spokeswoman Maria Sakharova
|

රුසියානු හමුදා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ප්‍රකාශයක්

”2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇත,” රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවාය. එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය. මොස්කව් අවධාරණය කර ඇත්තේ පූර්ණ ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී…

omantha

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මාර්තු මස 5 වනදා සිට අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 5ක කාලයක් සදහා වසා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අදාළ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු කළ යුතු බවට හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය. ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩුකරගැනීම වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව…

සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර

සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර

කොවිඩ් සමග ලොකය පුරා රටවල් විවිධ ප්‍රිඩාවන්ට ලක් වුවත් අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජිවත්වන සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. රමේෂ්වරන් මහතා පවසයි. රමේෂ්වරන් මහතා මේ බව පවසන ලද්දේ හැටන් නගර ශාලාවේදි පැවති රජය මගින් වැඩි කරන ලද සමෘද්ධි සහනාධාර ලබා දිමේ…