banda

කිරිපිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල වැඩිවීමක්

කිරිපිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල වැඩිවීමක් මෙන්ම ඒවායේ හිඟයක්ද පවතින බව තමන් පිළිගන්නේ යැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‍පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ, වතුකරයේ ජනතාව සඳහා තිරිඟු පිටි ලබාදීමේ වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒ තලවකැලේ, වටගොඩ මඩකුඹුර වතුයායේදීය.

laser-china

චීනයෙන් ඕස්ට්‍රේලියා ඔත්තු ගුවන් යානයකට ප්‍රහාරයක්

චීන යුද නෞකාවක් ඕස්ට්රේලියානු ඔත්තු බැලූ ගුවන් යානයකට ලේසර් කිරණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ඕස්ට්රේලියාවේ බෝයින්ග් පී8-ඒ පොසයිඩන් ඔත්තු බැලීමේ යුද ගුවන් යානයකට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.

loans

තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම් වෙයි

ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා තව දුරටත් ණය නොදෙන ලෙස එම බැංකුවලට මහ බැංකුව උපදෙස්දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කොටි 8000…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

විදුලිය සහ ඉන්ධන භාවිත කිරීම සඳහා නව චක්‍රලේඛයක් අද නිකුත් වෙයි

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ,මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බවයි.

න්‍යෂ්ටික පෙරහුරුව අරඹයි  – රුසියානු හමුදාව යුක්‍රේන දේශසීමාව ආසන්නයේ ස්ථාන ගතවෙයි
|

න්‍යෂ්ටික පෙරහුරුව අරඹයි – රුසියානු හමුදාව යුක්‍රේන දේශසීමාව ආසන්නයේ ස්ථාන ගතවෙයි

අමෙරිකාව පැවසූ ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින්  න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට නියෝග ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ රුසියානු හමුදාව මේ වන විට යුක්‍රේන දේශසීමාව ආසන්නයටම පැමිණ ස්ථාන ගතවීමට පටන් ගෙන ඇති බවයි. මේ අතර රුසියාවට සහය දක්වන යුක්‍රේන බෙදුම්වාදී හමුදා නායකයා විසින් රුසියානු-යුක්‍රේන දේශ සීමාව…

මෛත්‍රීපාලගෙන් නව සන්ධානයක්
|

මෛත්‍රීපාලගෙන් නව සන්ධානයක්

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ  වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමින්.

oil

තෙල් වලින් වාහන දුවන අය ලොකු අමාරුවක වැටෙයි

වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල සඳහන් කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි. පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක් සහ සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සංස්ථාව පාඩු ලබමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම පාඩුව කොහෙන් හෝ…

oil
|

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න – සියලු ආයතන වෙත උපදෙස් මාලාවක්

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කරන බව එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි. රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක්…

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුව නැවත දෛනිකව සිදුකිරීමට සිදුවන බව ඔහු පැවසීය. ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද අද…

russi
|

රුසියාව බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල යොදා ගෙන යුද අභ්‍යාසයක්

යුක්‍රේන අර්බුදය උත්සන්න කරමින් රුසියාව අද(19) තවත් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික නිරීක්‍ෂණය යටතේ පැවැත්වෙන බව සදහන් වේ. රුසියානු බලධාරීන් පවසන්නේ බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල මෙම අභ්‍යාසයට යොදා ගන්නා බවය. රටේ න්‍යෂ්ටික ශක්තිය, සතුරු බලවේගවලට එරෙහිව යොදා ගැනීමට කොපමණ සූදානමක් තිබේද යන්න ඉන් පිළිබිඹු වනු…