welisara-acc

වැලිසර මාරක රිය අනතුරේ CCTV මෙන්න

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ  සිදු වූ රිය අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ. කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුවන අයුරු එම දර්ශනවල සඳහන් ය. සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ…

arrack1

සුරා මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි

දේශීය පුවත් සුරාබදු අවසරයකින් තොරව සුරා මිල ඉහළ දැමිම ගැන වාර්තාවක් කැඳවයි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට දැනුම් දී ඇත. මත්පැන් නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළයෑම හේතුවෙන් මත්පැන් මිල විවිධ ගණන්වලින් ඉහළ දමන්නට එම සමාගම් කටයුතු කර ඇතැයි තමන්…

Belarusian-cargo-plane-crashes
|

බෙලරුසියානු ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට

බෙලරුසියානු භාණ්ඩ ප්‍රවාහන සමාගමකට අයත් මෙම ගුවන් යානය සයිබීරියාවට ගොඩබැස්සවීමේදී හටගත් ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ගින්න හේතුවෙන් එහි ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වූ බව බෙලරුසියානු සමාගම පවසනවා. පවතින අධික හිම සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර වූ ස්ථානයට ළගා වීම අපහසු වී තිබෙනවා.

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් පිළිබඳ තවත් ගැසට්ටුවක්

සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ලොකු ළුෑනු, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Coronavirus3

සතිපොළකින් තවත් කොරෝනා පොකුරක්

දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (02) හඳුනාගත් බව දික්වැල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි පැවසීය. දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 114 දෙනෙකු දික්වැල්ල මහජන පොළ භූමියේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, එහිදී මෙම ආසාදිතයන් 34 දෙනා හඳුනාගෙන ඇත.

curfew

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කිසියම් ආකාරයකට කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේදී සිදු වන අතපසුවීම් නිසා මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ආරක්ෂා කරන්නේ නම් මෙම තත්ත්වය මඟහැර ගත හැකි බවත් ඒ මහතා…

weligama

වැලිගම පිපිරිමක්

වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක අළුයම 03:30 ට පමණ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් හොටලේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත. හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ…

කුරුඳු වවන්නේ අපි ලාභ ලබන්නේ වෙළෙන්දෝ
|

කුරුඳු වවන්නේ අපි ලාභ ලබන්නේ වෙළෙන්දෝ

ලුණුගල පල්ලේකිරුව ගම්මානයේ කුරුඳු වගා කරනා ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව පවුල් 200ක් පමණ අසරණ වී සිටින බවට ඔවුහු පවසති. ගම්මානයේ අක්කර දහසක පමණ ගොවීන් කුරුඳු වගා කර තිබෙන අතර රජයෙන් කිසිදු සහනයක් හෝ ආධාරයක් ගොවීන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් වගාවන් අතහැර දැමීමට සිදුව ඇතැයි ගොවීහු කියා සිටිති. මේ පිළිබඳව ඩී. උපාලි ගොවි මහතා මෙසේ…

chinafood
|

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි ජනතාවට දන්වයි

වෙළෙඳ අමාත්‍යාංශය විසින් හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට නිවේදනය කර ඇත. මෙයට මූලිකම හේතුව  මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත. ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ. මේ වන විටත් වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ. හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය…

chamal-rajapaksha
|

හාල් වෙනුවට නරකද මුංඇට,කවුපි,මඤ්ඤොක්කා කන එක

හාල් වෙනුවට මුං ඇට, කවුපි, මඤ්ඤොක්කා වැනි දේ ආහාරයට ගැනීම සුදුසු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. රටේ ආහාර හිඟයක් ඇති වේ දැයි, පසුගියදා මහනුවරදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගන් විමසා සිටියහ. ”හාල් හිඟයක් මන් හිතන්නේ දැනුත් තියෙනවා. කොච්චර කෑගැහුවත්. ඇයි ඉතින් හාල් නැතෙයි කියනවා. හාල් මිල ඉහළ යනවා කියන්නේ හාල් හිඟයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ…