t20worldcup
|

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදී

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර  (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය. තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී…

kusaladamma

31 ශෝක දිනයක්

ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. අපවත් වී වදාළ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි. වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ…

curfew areas in sri lanka
|

කොවිඩ් හිස එසවීම වැළැක්වීමට වෛද්‍ය සංගමයෙන් නිර්දේශයන්

සංචරණ සීමා ඉවත්‌ කිරීම ආදී තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොවිඩ් 19 රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී මෙරට තුළ ඇති වීමේ දැඩි අවදානමක්‌ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම අවදානම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ මාලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. තවත්‌ කෝවිඩ් රැල්ලක්‌ ඇති වීම වැළැක්වීම…

mahajana

මහජන මන්ත්‍රණ සභාව ඇරඹේ

ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයින් එක්ව ජනහිතකාමී හෙටක් උදෙසා මහජන මන්ත්‍රණ සභාව ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා. ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයින් මෙලෙස සම්මන්ත්‍රණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. යුගදනවි බලාගාර ගිවිසුම සමුලුවේ ප්‍රධාන මාතෘකාවයි. මෙම සමුලුව ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්වුණා. මේ සම්බන්දයෙන් සාකච්ඡා වි ඇති අතර යුගදනවි…

coronadelta

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!

ඉදිරි සති දෙකෙන් පසු යළි කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මරණ සංඛ්‍යාව අඩු වුවද රෝගීන් වාර්තාවීම ඉහළ යනු ඇති බවයි. ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම කොවිඩ්…

Facebook හි අලුත් නම Meta බව නිවේදනය කෙරේ
|

Facebook හි අලුත් නම Meta බව නිවේදනය කෙරේ

ෆේස්බුක් මවු සමාගමේ නාමය ‘මෙටා’ යනුවෙන් වෙනස කරන බව එහි හිමිකරු මාක් සබකර්බ්ග් සදහන් කරයි. නමුත් මෙම වෙනස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් තනි වේදිකා සඳහා අදාළ නොවන බවත් ඔහු කියා සිටී. මෙම නව සමාගම මගින් සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරනු ඇති බවත් නම සන්නානමය නිවේදනය කරමින් සකබර්ග්…

bus
|

බස් කර්මාන්තය ආරම්භ කිරීමට සහන

පෞද්ගලික බස් කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා බස් රථ හිමියන්ට ලබා දිය හැකි සියලු‍ සහන ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. ඒ, පෞද්ගලික බස් හිමියන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි. බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබා ගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා…

kusaladamma

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා. එදින පස්වරු 3 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී එය පැවැත්වෙනු ඇති. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතයි.

badweather

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි…

atv
|

ATV ධාවන පථය නාමල් සුරතින් විවෘත වෙයි

ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ(28) දින කොළඹ පෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් පැවතිණි. කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු…