atv

ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ(28) දින කොළඹ පෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් පැවතිණි.

කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කදු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට හිමි වන බවත් වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමේ අවස්ථාව ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මගින් සලසා දී ඇති බවත් කියැවිණි.

මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.

මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම් ) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.
මෙහිදී ඇමති නාමල් ඇමති ප්‍රසන්න සමග ධාවනයේ යෙදී මෙය විවෘත කරන්නට යෙදිණි.

Similar Posts