yathra
|

ශ්‍රී ලංකාවෙන් ඉරාකය ට යාත්‍රා දෙකක්

මෙරට නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ නැව් තටාකාංගණ සමාගම නිෂ්පාදනය කළ යාත්‍රා දෙකක් ඉරාකයට පිටත් කර තිබේ. මීටර් 60ක දිගින් යුතු බෝයා යාත්‍රාවක්  සහ මීටර් 52ක දිගින් යුත් PILOT STATION වර්ගයේ නෞකාවක් එලෙස නිපදවා ඇත. එමගින් ඩොලර් මිලියන 35ක ආදායමක් මෙරටට හිමිවූ බව කොළඹ නැව් තටාකාංගණ සමාගම සඳහන් කළේය.

srilanka-team
|

ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…

portest

දැන් පොහොර ගැන විතරයි කථා, වල් මර්දනය ගැන නැහැ – ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය

නිසි කලට වේලාවට පොහොර ලබා දෙන ලෙසත් චීන කසල මෙරට රන් පොළවට නොදමන ලෙසත් බල කරමින් පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (19) පෙරවරුවේ පොලොන්නරුවේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35කට  ගොවීන් 2000ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ. පොලොන්නරුව මහ රෝහල හන්දියේ සිට පොලොන්නරුව දීප උයන දක්වා…

punnakku

පුන්නක්කු කන්නත් බැරිවෙයි – කිලෝව 1000කින් වැඩි වෙයි

පුන්නක්කු කිලෝව රුපියල් දහසකින් පමණ මිල වැඩි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි. ඒ මහතා කියා සිටියේ රුපියල් 1800ට පැවැති පුන්නක්කු කිලෝව මේ වනවිට රුපියල් 2800ට ඉහළ නැග ඇති බවකි. ඒ අනුව ගවයන්ට කෑම ලබා දීම පවා අර්බූදයකට ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

miris
|

ගලබොඩවත්තේ මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට

එක් ගමකට එක් බෝගයක් සංකල්පය යටතේ නාවලපිටිය ගලබොඩවත්තේ ක්‍රියාත්මක මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා. වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදාවක් නොමැති ඉඩම් අක්කර සියයක් අක්කර භාගය බැගින් වතුකරයේ තරුණ ප්‍රජාව අතර බෙදා දී මීට මාස තුනකට පමණ පෙර මෙම මිරිස් වගාව ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම…

kubura

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි. හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා. පළමු අධියර ලෙස අද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින්…

nabi

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අද

ඉස්ලාම් බැතිමතුන්ගේ ශාස්තෘවරයා වන ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමාගේ උපන් දිනය සමරන සියලු ඉස්ලාම් ජනතාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශුභාශිංසන එක් කර තිබෙනවා. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට සිය පෞද්ගලික ජීවිතය තුළින් අන් අයට ආදර්ශයක් වෙමින් කැපවූ මුහම්මද් නබි නායකතුමා ඉස්ලාම් හර පද්ධතියක් බිහි කළ නියමුවා බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දෙවියන්ගේ දූතයෙකු ලෙස නබි…

cow
|

ගව ඝාතනය කඩිනමින් නතර කරන්න පියවර තබයි

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි…

srilanka-team
|

අවිශ්ක සහ භානුක ශ්‍රී ලංකාව අවමානයෙන් ගලවා ගනියි

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණා. අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියාවට දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19කුත් පන්දු 3කදී ප්‍රතිවාදි පිල ලකුණු 96කට සීමා කළ අතර, ඕවර 13.3ක් ඇතුළත කඩුලු 3ක් වැය…

jvp
|

ජවිපෙන් නිවේදනයක්

”සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමග කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. තවද මෙය ජනතා විරෝධයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බව ත් එය…