govi

කාගෙද මේ බලවේගේ…! ගොවියන්ගේ බලවේගේ…!(VIDEO)

පොහොර නොමැතිවීම, බීජ නොමැතිවීම යන කරුණු මුල්කරගෙන ඊයේ දිනයේදී ප්‍රදේශ ගණනාවක ගොවි විරෝධතා පැවැති ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී විවිධ සටන් පාඨ කියමින් නගර කිහිපයකටම ගොවීන් එක්රැස් වී සිටි ආකාරය නිවිස් ‌ෆස්ට් කැමරාවේ සටහන් වී තිබුණේ මෙසේය. පොහොර ගැටලුව සාගතයක් ඇති කරයි ද? කර කියා ගන්න බැරුව සුසුම්ලන ගොවි රජුන්.. https://www.facebook.com/NewsfirstSL/videos/4549775435045284/  

benzcar
|

ගිලන් රථ වෙනුවට බෙන්ස් ආනයනය කරයි

කෝපා හෙවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල මහා පරිමාණ ලෙස මහජන මුදල් අවභාවිතය පිළිබඳව තමා කම්පනයට පත් වූ බවයි. ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විරෝධතා හේතුවෙන් ගිලන් රථ ලෙස අඩු තීරුබදු යටතේ බෙන්ස්රථ…

baby death

උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.

දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ  (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන…

kaluthara

අධික වැසි සමඟ කළුතරට නාය යෑමේ අවදානමක්!

දින දෙකක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත  වර්ෂාවත්  සමග කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග   රැසක  ජලයෙන්  යටව  ප්‍රදේශයේ  කීපක නායයෑමේ අවදානම්   අනතුරු  ඇඟවීම්  නිකුත්  කර තිබේ. පසු ගිය දෙදින පුරා කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්  සමග  දිස්ත්‍රික්කයේ  ගංගා රැසක් පිටාර මට්ටමකට පැමිණ  අද (06) දහවල් වන විටත් මාර්ග කිහිපයක   ගමනාගමනයට බාධා එල්ලවී තිබිණ. කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක්…

nugegoda police

නිවාස බිඳ කොල්ලකෑම් සිදු කළ මත්ලොලීයා පොලිස් අත්අඩංගුවට…

මිරිහාන පොලිස් වසමේ සහ තලංගම පොලිස් වසමේ පදිංචි මහාධිකරණ විනිසුරුවරයෙකුගේ හා ගුවන් නියමුවකුගේ මෙන්ම මාලදිවයින් ජාතික පුද්ගලයෙකුට අයත් නිවාසයන් රාත්‍රී කාලයේදී  බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න විදෙස් මුදල් මෙන්ම මෙරට මුදල් සහ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සමග  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්…

guru

පාසැල් ඇරියත් උගවන්නේ නෑලූ

අදට යෙදී ඇති ගුරු දිනයේ දී දිවයින පුරා විරෝධතා සිදු කරන බව ගුරු වෘත්තිය සමිති සඳහන් කරයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුමක් ලබා නොදීම මත අද දිනයේ ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි. පාසල් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර තිබුණද පාසැල්…

strick

තවත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීම්

ඉදිරි සති කිහිපය තුළ රටේ උද්ගෝෂණ වැළැක්වීමට රජය කටයුතු නොකලොත් රටේ නැවත කොවිඩ් රැල්ලක් මතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසන්නේ “වැටුප් වැඩි කරගන්න අය වැඩි කර ගනී. අනිත් අයට බැරි වෙයි. බොහොම අමාරුවෙන් සෞඛ්‍ය සේවකයින් අවුරුදු එකහමාරක් මහන්සි වෙලා කොවිඩ් යම් පාලනයකට ඇවිත් තියෙනවා….

nayayam

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂා සහිත කාළගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා අධියර 02 යටතේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කළ බවයි.

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට

චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම…

school

සිසුන් 200ට අඩු පාසල් 3000ක් 21 දා ඇරඹෙයි

සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.