උණුසුම් පුවත්

  • |

    පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු

    මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ගම්මානයට මායිම්ව පිහිටි අනින්කන්ද රක්ෂිතයට පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එහි ගස් කපා එළිපෙහෙළි කර ගස් ගිනි තබා විනාශ කර වගාවන් සිදු කරනා බවට ප්‍රදේශවාසීහු පවසති. අනින්කන්ද රක්ෂිතයට අයිති මේ කොටස පරිසර සංවේදී කලාපයක් මෙන්ම ජල උල්පත්වලින් සමන්විත ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී වනාන්තරය…

  • ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන සාකච්චාවක්

    දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදී එම තීන්දුව ගැනීමට නියමිතව තිබේ.

  • | |

    පස්ගොඩ කොරෝනා මට්ටු කළ රහස

    මේ වන විට ආයුර්වේද බේත් මඟින් පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා වසංගතයේ පැතිරීම 90%ක් මර්දනය කළ බව පස්ගොඩ ආයූර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී දර්ශන රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව මේ වන විටත් ගම් මට්ටමින් කණ්ඩායම් පිහිටුවා බෙහෙත් සකස් කිරීමට පුහුණුවක් දී ගමින් ගමට ගොස් කොරෝනා මර්දනයට අවශ්‍ය බෙහෙත් හා පැතිරීම වැළැක්වීමේ කසාය, පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද…

  • බොබ් මාලේ පොලිස් දැලේ!

    පොලිසිය විසින් සෙවු බොබ් මාලි ව අද (09) දින ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය  විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දීය. පසුගිය 08-31 දා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 ග්‍රෑම් 644 ක් සමඟ සැකකරුවන්…

  • රුපියල් 291කින් ගෑස් උස්සන්න ලාෆ් අවසර ඉල්ලයි

    කිලෝග‍්‍රෑම් 12.5 ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 291 කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත. නව ඉල්ලීම අනුව ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදුනහොත් කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2147 ක් සහ කිලෝග‍්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 858 දක්වා ඉහළ යනු…

  • කෝටි දෙකක අයිස් පෑලියගොඩින් මතු වේ!

    රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවෙකු විශේෂ කාර්ය  බලකායේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි…

  • විශ්ව ශක්තිය හිමි දොස්තර එලියන්තට කොවිඩ් හැදෙයි!

    කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන  බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි. කෙසේවෙතත් මේ වන විට ඔහු කොරෝනා අසාදිත බවට තහවුරු වීමෙන් ප්‍රතිකාර ලබන අතර…

  • පිං ළිඳේ මළ සිරුරක්!

    බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල මංසන්ධියේ සිට නීලම්මහර පුරාණ රජමහා විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පිහිටා ඇති පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් (08) වන දින උදෑසන සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දෙකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි…

  • රථ වාහන දැඩි පරික්ෂාවකට

    නිරෝධාන ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් නගරයට පැමිනෙන රථ වාහන දැඩි ලෙස පරික්ෂා කිරිමට හැටන් මුලස්ථාන පොලිසිය මගින් පියවර ගෙන ඇත. විශේෂයෙන් සමහර ත්‍රිරෝධ රථ රියදුරන් නගරයේ සැරි සැරිම වැඩිවිමත් සමග මෙසේ නගරයට පැමිනෙන රථ වාහන දැඩි පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගත් බවත් එසේ පරික්ෂා කිරිමේදි  නිකරුනේ නගරයට පැමිනෙන රථ වාහන නැවත හරයවා යැවිමට පියවර…