money

වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකර තිබේ. ඒ අනුව දීමනාලාභින්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පැවසීය.  

nirodayana

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කල රථවාහන 63ක් පොලිස් භාරයට

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 625 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. එහිදී රථවාහන 63ක් පොලිස් භාරයට ගෙන ඇත. නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 62,710කි.  

food

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ

සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්. එස්. පී නිවුන්හැල්ල මහතා පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30) නිකුත්කර තිබුණි.

vahana

නගරවල රථ වාහන විශාල වශයෙන්

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය විසින් ලබන මස (06) දින දක්වා නිරෝධායන ඇදිරි නිතිය පැනවුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන ආකාරය අප කැමරාවේ සටහන් විය. නුවරඑලිය , හැටන් , නොර්වුඩ් යන නගර වල ඇතැම් ව්‍යාපාරිකයන් වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කරන අතර…

නිරෝධාන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් පැවැති තවත් මගුලක්

නිරෝධාන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් පැවැති තවත් මගුලක්

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල කුඩාගම හෝටලයක නිරෝධාන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිනි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් කුඩාගම හෝටලයක 30වන දින නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් පවත්වන බවට…

අනවසරයෙන් මැණික් ගැරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත් අඩංගුවට

අනවසරයෙන් මැණික් ගැරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත් අඩංගුවට

වස්ගමුව හා ජලගැලුම් නිම්නයේ ඉහළ මහවැලි ගංගාධාර රක්ෂිත ප්‍රදේශයේ කිරි අම්මා ඔයේ අනවසරයෙන් මැණික් ගැරීමේ ජාවාරමක යෙදී සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු බෙහෙත් කොටන තුවක්කු දෙකක් හා මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ රැසක් සමග පෙරේදා (29 ) රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව කලාපය භාර…

gabinimaw

කොවිඩ් වලින් ගැබිණි මව්වරුන් 32 කට ජිවිත අහිමි වෙයි!

කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 32 කු මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පවසයි. ඇය පවසන්නේ කොවිඩ් වෛරසයට ගැබිනි මව්වරුන් 4200 ක් පමණ ගොදුරු වී ඇති බවත්  ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත්ය. ගැබිනි මව්වරුන්ගෙන් 75% කට මේ වන විටත් කොවිඩ්…

dinsh
|

දිනේෂ්, හේරත් පැරාලිම්පික් වංශකථාව වර්ණවත් කරයි

ශ්‍රී ලංකා මාතාව රනින් බබළවමින් පැරාලිම්පික් වංශකථාව වර්ණවත් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ (30) ලෝක වාර්තාවක් ද සමග රන් පදක්කමක් දිනා ගත්තේය. මෙය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී හිමි වූ පළමු රන් පදක්කම මෙන්ම මුල්ම ලෝක වාර්තාව ලෙසද සටහන් වෙයි. මෙය පැරා මලල…

දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්
| |

දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ…

hithahodanurse
|

කාටත් හිතැති කාගෙත් හිතැති හිතහොඳ නර්ස් නෝනා කොරෝනා රැගෙන යයි

සැමියකුට තම ආදර බිරිඳක් ද දරු දෙදෙනෙකුට මවු සෙනෙහසද අහිමි කරමින් කොවිඞ් ආසාදිතයින් ජීවත් කරලීම සඳහා ඇප කැප වී සේවය කළ හෙද පාලිකාවක් කොවිඞ් ආසාදිත වීමෙන් මියයාමේ ශෝචනීය සිද්ධියක් මිනුවන්ගොඩ කොවිඞ් ප‍්‍රතිකාර රෝහලෙන් වාර්තා වේ. ශ‍්‍රී ලංකාවෙන් කොවිඞ් ආසාදිතයින් හමුවීමත් සමග කොවිඞ් ආසාදිතයින්ට ප‍්‍රතිකාර කරන රෝහලක් ලෙස නම් කෙරුණු මිනුවන්ගොඩ මූලික රෝහලේ අංක 02 වාට්ටුව…