අභිරහසක් ලෙස යටපත් වීමට ගිය ඝාතනයක් දින තුනකින් සොයාගනී..
|

අභිරහසක් ලෙස යටපත් වීමට ගිය ඝාතනයක් දින තුනකින් සොයාගනී..

කොරෝනා වසංගතය පවතින අඟුළු දමා ඇති මේ කාලයේ කුඩා බෝඩිං කාමරයක සිව් අවුරුදු වයසැති දරුවෙකු සහ සිය සැමියා සමඟ ජීවත්වූ කාන්තාවක් සාහසික ලෙස ඝාතනයවූ පුවතක්  මහරගම පොලිස් වසමේ පන්සල පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප්‍රියදර්ශනී නැමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්.කේ.චතුරංග…

corona-vi
|

ගීනස් පොතට ගිය වෛද්‍ය පර්යේෂණය

විවිධ සැත්කම් සඳහා භාජනය වන රෝගීන්ට සිදු වන කොවිඩ් වසංගතයේ බලපෑම් සම්බන්ධව ලොව පුරා විද්‍යාඥයන් 15,025 දෙනකුගේ දායකත්වයෙන් පසුගියදා සිදු කරනු ලැබූ දැවැන්ත පර්යේෂණය එකම කරුණක් අරභයා ලොව වැඩිම විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදු කළ අධ්‍යයනය ලෙස ගීනස් වාර්තාවක් පිහිටුවා ඇතැයි වාර්තා වේ. මේ දැවැන්ත පර්යේෂණය සඳහා රටවල් 116ක රෝගීන් 1,40,000කට වැඩි ප්‍රමාණයක් සහභාගිවී ඇති අතර,…

ennath

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් මෙරටට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් හෙට (04) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය තහවුරු කර තිබේ. චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ එක් දිනක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙයවන බවය. ඒ අනුව මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන…

LTTE තහනම ගැන දැනුම් දීමක්
|

LTTE තහනම ගැන දැනුම් දීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කර බවය.

corona

ගත වු පැය 24 කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1726 ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්‍රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත. මේ අතර කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු ඊයේ(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ  වාර්තා වූ ආසාදිත…

ජගත් වනජීවී ඡායාරූප තරගයේ ලංකාවේ දෙන්නෙක් ඉදිරියට

ජගත් වනජීවී ඡායාරූප තරගයේ ලංකාවේ දෙන්නෙක් ඉදිරියට

ලෝකයේ වඩාත්ම සම්භාවනාවට ලක්වන ජාත්‍යන්තර ඡායාරූප තරගයක විශිෂ්ටයන් අතරට ශ්‍රී  ලාංකිකයන් දෙදෙනෙක් ම තේරී සිටී. මේ වසරේ පැවැත්වෙන 57 වැනි ජගත් වනජීවී ඡායාරූප ශිල්පී තරගය සඳහා රටවල් 95 කින් ලැබුණු ඡායාරූප පනස් දහසකින් ඉහලින්ම නිර්දේශිත ඡායාරූප ශිල්පීන් අතරට දස හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ හා බුද්දීලිනී ද සොයිසා තෝරාගෙන තිබේ. Lockdown Chicks යනුවෙන් නම් කර ඇති…

death

කොවිඩ් ඇදිරිනීති කඩකරමින් පැවැත්වු මත් පැන් සාදය මරණින් කෙලවර වෙයි

කොවිඩ් ඇදිරිනීති කඩකරමින් අලුත්ගම , කලුවාමෝදර ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් දෙතැනක පැවැත්වු මත් පැන් සාදයේ දුරකථන සංවාද දුර දිග ගොස් ඇතිවු ගැටුමෙන් පිහිපාරකට ලක්වු 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. අලුත්ගම,කලුවාමෝදර , දේවල පාර පදිංචිව සිටි ලක්ෂාන් ධම්මික නැමති 24 හැවිරිදි අවිවාහක යෙකු මෙසේ මිය ගොස් තිබේ.මිය ගිය තරුණයා මිතුරන් පිරිසක් සමග පසුගිය…

සීනි සැඟවූ කුණ්ඩසාලේ ගබඩාවක් වටලයි

සීනි සැඟවූ කුණ්ඩසාලේ ගබඩාවක් වටලයි

නිරෝධානය ඇදිරිනීති සමයේ  නීති විරෝධී අයුරින් පවත්වාගෙන යන මහා පාරිමාණ සීනි  ගබඩාවක් පාරිභෝගික සේවා  අධිකාරියේ නිලධාරීන්  විසින්  වටලනු ලැබීය. මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන තොග ගබඩාවක තිබී මෙට්‍රික් ටොන් තුන්සියයකට අධික මෙම සීනි තොගය පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ඒකකය මගින්  වටලා මුද්‍රා තබන ලදි. මෙම තොග ගබඩාවේ  සීනි කිලෝ තුන්ලක්ෂ දහතුන්දහස් දෙසීයක්…

corona1
|

කොලොම්බියාවෙන් “මූ” නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්

කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  “මූ” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත්  “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට…

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද
|

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02) පැවැත්වේ. තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය. එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීම තම ප්‍රධාන අරමුණ බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පැවසීය.