mathpan hal

සැක බාර් වලට සීල්

සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය. මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇතැයිද හෙතෙම සඳහන් කළේය. කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව…

යොහානි ඉන්දීය ගීත වෙළදපල අල්ලයි
|

යොහානි ඉන්දීය ගීත වෙළදපල අල්ලයි

මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත. විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ. අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරමින් සමාජ…

sakthi

ලංකාවට හුස්ම ගෙනා ශක්ති!

කොවිඩ් 19 වසංගතයේ දරුණුතම අවස්ථාවකට මුහුණ දෙමින් සිටින ශ්‍රි ලාංකිකයින්ට මේ වන විට ඔක්සිජන් වල අවශ්‍යතාව වෙනදාටත් වඩා වැඩියෙන් දැනීමට පටන් ගෙන ඇත. රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන්, සායනික ඔක්සිජන් ඉන්දියාවෙන් ඇණවුම් කරන ලදි. ලංකාවට හුස්ම ගැනීමට ඔක්සිජන් ගෙන ඒ්මේ වගකීම පැවරුනේ ශ්‍රි ලංකා නාවික හමුදාවටය….

curfew areas in sri lanka

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 302ක්

ගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 නකු හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවන අඹගමුව ආසාදිතයන් 17ක්, බගවන්තලාව ආසිදිතයන් 08ක්, කොටගල ආසාදිතයන් 61ක්, කොත්මලේ ආසාදිතයන් 77ක්, ලිදුල ආසාදිතයන් 06ක්,…

lionbear

අරක්කු බෝතල් 124ක් බියර් කැන් 48ක් සමග පුද්ගලයන් 05ක් අත් අඩංගුවට

නිරෝධාන ඇදිරි නිති කාලය තුලදි වතු කම්කරුවන් සදහා අධික මිලකට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු අරක්කු හා බියර් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මෙ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ  කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරිම සදහා නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක කරන බවට දැනුම් දිමත්…

cement

සිමෙන්ති හිගයක්

රට තුළ සිමෙන්ති හිගයක් නිර්මාණය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. කොරෝනා වසංගතය හමුවේ සිමෙන්ති ආනයනය කිරීමට ගැටලු මතුවී ඇති අතර දේශීය සිමෙන්ති නිෂ්පාදනයට ද මේ හේතුවෙන් බාධා එල්ල වීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇති බවයි එම සංගමය පැවසුවේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්ති හිගයක් නිර්මාණය වීමත් සමග ඇතැම් වෙළෙඳුන් සිමෙන්ති වැඩි මිලට අලෙවි කරමින්…

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
|

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය. මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන්…

udda
| |

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?

ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්. ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්. ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට,…

poya

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ. මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය. මහනුවර ඇසළ පෙරහැර…

තෙවන එන්නතක් දෙන්න සැලසුම්

තෙවන එන්නතක් දෙන්න සැලසුම්

ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර සියලුම සෞඛ්‍ය සේවකයන්ට මුල් අදියර යටතේ තෙවැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .