රාජපක්ෂලාගේ සැබෑ දේශපාලනය සජින් වාස්ගෙන් එලියට!
|

රාජපක්ෂලාගේ සැබෑ දේශපාලනය සජින් වාස්ගෙන් එලියට!

තමාගේම මිතුරකු වන ලොහාන් රත්වත්ත දුරකථනයෙන් සිය බිරිඳ අමතා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තර්ජනය කල බවත්, සිය දරුවන් දෙදෙනාටද තර්ජනය එල්ල කල බවත්, සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (05) දින ප්‍රකාශ කළේය. මෙහිදී සජින් වාස් මහතා ප්‍රකාශ කලේ තමන් රාජපක්ෂලාට බය නැති බවත්, වසර 17ක් තිස්සේ ඔවුන් දන්නා තමන් ඔවුන්ගේ සියලු දේ…

චන්ද්‍රිකා, වෙල්ගම ගැන කිසිදු තීරණයක් නොගෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අවසන්

චන්ද්‍රිකා, වෙල්ගම ගැන කිසිදු තීරණයක් නොගෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (5) රැස් වූ අතර මෙම විශේෂ මධ්‍යම කාරක සභාව රැස් කළේ එදිනම පැවැත්වූ අපි ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වූවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් එකී සමුළුවේ මූලිකත්වය ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හෝ එහි…

අගමැතිගේ ලිපිය පිළිගෙන උපවාසය අතහරී

අගමැතිගේ ලිපිය පිළිගෙන උපවාසය අතහරී

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට ඒරෙහිව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් ආරම්භ කළ උපවාසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිපියක් මත අතරමග නවතා දමා තිබේ. මෙම උපවාසය නවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා අත ලිපියක් ඒවමින් ඊයේ (05) රාත්‍රියේ ඉල්ලීම් කර තිබිණි. මේ…

MCC අපට අවාසි බව ඔප්පුකලොත් දේශපාලණයෙන් සමුගන්නවා – මංගල 

MCC අපට අවාසි බව ඔප්පුකලොත් දේශපාලණයෙන් සමුගන්නවා – මංගල 

පසුගිය දා පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, “මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම රටට අහිතකර බව ඔප්පු කළොත්, ලංකාවේ එක බිම් අගලක් අහිමි වෙනවා කියලා ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වනවා,” යනුවෙනි. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු මර උගුලකට හසු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙන…

ගෝඨා ආවොත් ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන්නේ නෑ  – කුමාර  වෙල්ගම
|

ගෝඨා ආවොත් ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන්නේ නෑ  – කුමාර  වෙල්ගම

රාජපක්ෂ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයකය නියැලී සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමට සිදුවන බවත් ඔහු පැවසීය. මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය සහ සභාපති ධූරය පිරිනැමීමට සිදුකළ අතුරු ව්‍යවස්ථාව අනුව නිර්පාක්ෂිකව මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ජනාධිපති ලෙස පක්ෂයට එක්වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය හිමිවන බවත් ඒ අනුව…

අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන්…

සජිත්ගේ ජාතික ආරක්ෂාව අපිට විශ්වාසයි – සරසවි යොවුන් පෙරමුණ

සජිත්ගේ ජාතික ආරක්ෂාව අපිට විශ්වාසයි – සරසවි යොවුන් පෙරමුණ

“සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව බාර දීමට කටයුතු කරනවා කියල සජිත් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යන් වශයෙන් ලොකු විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස රජයක් යටතේ රටේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා. ඒ නිසා අපේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළා” යැයි “සරසවි යොවුන් පෙරමුණ” නියෝජනය…

ටෙලෝ ප්ලොට් සහයත් සජිත්ට

ටෙලෝ ප්ලොට් සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ සංවිධානයේ හා ප්ලොට් සංවිධානයේ  සහයත් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණයට ඔවුන් එළඹ ඇත්තේ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන්  හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලින්ගම් සින්ධාර්ථන් අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදු කල සාකච්ඡාවකින් පසුවය=. මේ…

දේශපාලනයේ පෙරළියක ආරම්භය හෙට

දේශපාලනයේ පෙරළියක ආරම්භය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය විසින් පවත්වනු ලබන සම්මේලනය හෙට දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සහභාගි වීමට නියමිතයි. මෙම සමුළුව සංවිධානය කිරීමේ ප්‍රධානත්වය දරණ කුමාර වෙල්ගම මහතා පවසන්නේ හෙට දින ඔවුන්ගේ ශක්තිය පොහොට්ටුවේ නායකයන්ට මෙන්ම රටේම ජනතාවට බලා ගත හැකි වන බවයි. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත්…