කහ කන්ටේනර් 62ක් රාජසන්තකයි
ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.

ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද ආරම්භ වූ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීම විශේෂත්වයකි. කොළඹ ආශ්‍රිත මාර්ග වල ඇති දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීමට ජල මාර්ග වල ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කියා සිටියේය. මින් පෙර මෙවන් අත්දැකීම් මදකම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක අංශ මෙහිදී යම් කලබලයකට…

රථ වාහන සඳහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් පරීක්ෂණ බලපත්‍ර ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විෂය භාර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ වාහන දුම් පරීක්ෂණ බලපත්‍රය අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදු වේ. අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති.

පසුගිය මහමැතිවරණයේ දී පොදුජන පෙරමුණ ඵෛතිහාසික ජයක් වාර්තා කළේය. ඒය ඵෛතිහාසික ජයග්‍රහණයක් වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒක් පක්ෂයක් තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීධුර සංඛ්‍යාවක් මෙම මැතිවරණයේ දී ලබා ගැනීමට සමත්වීම හරහාය. 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතා කිසියම් පක්ෂයක් මේ ආකාරයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩ කඩ මෙම ව්‍යවස්ථාවෙන්ම අවහිර කර තිබුනේ මෙම ව්‍යවස්ථාවේ ආරක්ෂාව…

මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. මෙසේ අලෙවි කිරීමේදී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්,…

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහරගම පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාල පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ…

බෙලිඅත්ත ගල්වාඩිය ප්‍රදේශයේ නිවසකට පැමිණ නීති විරෝධී මත්ද්‍රව්‍ය අළෙවි කරන බවට චෝදනා කොට කප්පම් ඉල්ලු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් දෙදෙනෙකු බෙලිඅත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ වීරකැටිය අග්‍රහැර ප්‍රදේයේ පදිංචි කරුවෙකු හා වීරකැටිය සිරිකදුර වත්තේ පදිංචිව සිටින පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය කියයි. පොලිස් හදිසි ඇමතුම් අංශයට…

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (19) අළුයම 03.59ට පමණ මෙම භු කම්පන හටගෙන ගෙන තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි. මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක්…

හැටන් ප්‍රදේශයේ බිත්තර මිල ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන ප්‍රදේශයේ බිත්තර වෙලදුන් පවසනුයේ බිත්තර තොග…